භික්ෂූන්වහන්සේලාගේ ගිහි කල පවුලේ සාමාජිකයන් පිළිබදව ශ්‍රී ලාංකිකයන්ගේ කැපවීම.

Votes : 5
198

බෞද්ධයන් ලෙස අපහට කුසාකුසල ක්‍රියාවන් පිලිබදව මනා වැටහීමක් තිබිය යුතු නොවේද? මේලෙස අවබෝධ කරගත් ධර්මයෙන් අප නිරන්තරයෙන්ම කුසලක් ක්‍රියා වල යෙදෙන්නට උත්සාහ ගතයුතු නොවේද?
ධර්මය වටහගටීමට උත්සාහ ගැනීම මෙන්ම අවබෝධ කරගත් ධර්මය අනයටත් අයටත් කියාදී ඒ අයටත් කුසල කර්මයන්ගේ යෙදෙන්නට අනුබල දීමත්, අකුසලයගන්ගෙන් ඇත්වීමට උදවු කිරීමත්, මහත් ඵල මහානිසන්ස ලැබෙන ක්‍රියාවකි.
අකුසල ක්‍රියාවන්හී යෙදෙන තැනැත්තෙකුට කර්මය පිලිබදව අවබෝදයක් ලබාදී යහපතට යොමුකරන්න පුලුවන්නම්, එලෙසම ලැබෙන ධර්මාවබෝධය නිස යහපත් දේ පිලිබදව මනා වැටහීමකින් සිදුකිරීමටත් අනුබල දේ නම් එය විශාල පුන්යක් ක්‍රියාවකි. ඒ විතරක් නොව අප සහය වන තැනැත්තා අන් අයටද යහපත් දේ පිලිබදව උගන්වන තැනැත්තෙක් , අනුබල දෙන්නෙක් , යොදවන්නෙක් උනොත් ඔහුට හෝ ඇයට එම කර්යන් සිදුකිරීමට හැකිවනුයේ අප එම තැනැත්තාට ධර්මාවබෝධයට උපකාර කල නිසාවෙන් නොවෙද? මේ හේතුවෙන් අපගෙ උපකාරය විශාල පිරිසකට සෙත සලසීතිබේද?
මෙලෙස ගත් විට සමාජය යහපතට මෙහෙය වියහකි ගුරුවරයකු, භික්ෂූන්වහන්සේ නමක් බිහි කිරීමට හැකි නම්, මහනුභාව මහා ආනිසන්ස ගෙනගෙන පුන්ය ක්‍රියාවක් නොවන්නේද?
බුද්ධ සාසනයට දරුවකු පුජා කිරීමට ලැබීම මහානුභාව මහා ආනිසන්න ගෙනදෙන කුසලාක්‍රියාවක් වන්නේ කුමන කරුනක් නිසාද යන්න අවබෝධ කරගත හැකි නොවේද?

සමණේර භික්ෂුන්වහන්සේ නමක් බුද්ධ සාසනයට මිණි පහනකි, රන් රුවනකි. රට දැය හා සමජයට ලැබෙන දායාදයකි. උන්වහන්සේ බුද්ධසාසනයේ අනාගතයවේ. පුද්ගලයකු ලෙස යහපත් වීමටත් සමාජය යහපතට මෙහෙයවන හොඳ ගුරුවරයකුත් වේ. බුද්ධසාසනය චිරහත් කාලයක් පවතිමටත් ඉන් ධර්මාවබෝධය නොමතිකම නිසා අවූලෙන් අවූලට පත් වන කෙරතම් පිරිසකට යහපතක් නොවන්නේද?

සමාජයට යහපත්, හානිදයක නොවවන පුද්ගලයකු බිහි කිරීමට ලැබීම දෙමාපියන්ට ලැබෙන මහගු සනසීම, භාග්‍ය වන අතරම රටට කලහැකි උතුම්ම කටයුත්තවේ.
ජීවියකුගේ උප්පත්තිය සිදුවන්නේම පංචේන්ද්‍රියන් වලින් අරමුණු කරගන්නා සිතුවිලි වලට ඇලීම නිසා පහල වන විංඥානය හේතුවෙන් නොවේද? සෑම ජීවියකුම හැම හොමොතකම විවිධ දේවලට ආසාවේ, එලෙසම එම පහලවන ආසාවන් මම, මගේ කරගැනීමට උත්සාහ ගනී. ලැබීම හෝ නොලැබීම හේතුවෙන් අවූලෙන් අවූලට පත් වී සසරෙන් එතෙරවීමට නොහැකි වන්නේ මේ හේතුවෙන් නොවෙද?
තැනැතකු හෝ තැනැතියක සාසනය තුල පැවදි වූ දා පටන් සිදුකරනුයේ ආර්ය ස්‍රාවකයන් වහන්සේලා සිදුකරන්නාක් සේම ක්‍රමක්‍රමයෙන් ආසාවන්, බැදීම් , අල්ලාගැනීම් ප්‍රහීනකර නිර්වානාවබෝධය සදහා කටයුතු කිරීම නොවෙද? මෙහේතුවෙන් තවදුරටත් ගිහි ජීවිතයත් සමඟ බැදී තිබූ තූෂ්ණාවන් ක්ලේෂයන් බව අවබෝධකරගෙන පිලිවලකට ප්‍රහීනකළ යුතුවේ. භික්ෂූත්වය මුරිගුවක් ලෙස දිස්වන අරමුණු පසුපස ගිවිතාන්තය දක්වාම හභායන ගිහි ජීවිතයට සමු දී සියලු දේ පිළිබදව උපේක්ශාවෙන් අරමුණු කරන නව උපතක් වේ . මෙය එක් දිනකින්, දෙකකින් කල හැකි පහසු කටයුත්තක් නොවේ. භික්ෂූන්වහන්සේලා හා භික්ෂූනීවහන්සේලාට මෙන්ම ගිහි ජීවිතයෙන් ඉවත් වීම තමන් වහන්සේලා වදපු ගිහි දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට දරාගැනීමට ලෙහෙසි කටයුත්තක් නොවේ. ඔවූන් සිදුකරන්නෙ රටවෙනුවෙන් විශාල කර්යය භාරයක් නොවෙද?

නමුත් මෙතරම්ම කැප කිරීමක් කල සමණේර භික්ෂුන්වහන්සේලගේ ගිහි කළ දෙමාපියන්ට, උන්වහන්සේලාගෙ ගිහි කළ පවූල වෙනුවෙන් සමජය නිසි යුතුකම් කරන්නේද? නිසි ගෞරවය ලබාදෙන්නේද? රටට යහපත් පුරවැසියකු බිහි කිරීමට ඔවූනට හැකිවීම පිළිබදව අප කෙතරම් දුරට කෘතගුණ දක්වනවාද? ඔවූන් වෙනුවෙන් කෙතරම්දුරට අපගේ යුතුකම් ඉටුකර තිබේද? කෙතරම්දුරට ඔවූන් ගැන සොයා බලා තිබේද?

  1. ලංකාව තුල කෙතරම් සමණේර භික්ෂුන්වහන්සේලා පිරිසක් වැඩ වාසය කරනවාද?
  2. උන්වහන්සේලාගෙන් කෙතරම් පිරිසකට ගිහි දෙමාපියන් හෝ පවූලේ සාමාජිකයන් දැනට සිටීද?
  3. එක් එක් භික්ෂුන්වහන්සේලාගේ ගිහි කළ දෙමාපියන් හෝ පවූලේ සාමාජිකයන් පිළිබදව,
    1. ඔවූන්ගේ ආර්ථිකමට්ටම පිළිබදව සොයා බැලීමක් කරතිබේද? ඒ පිළිබදව තොරතුරු එක්රැස්කර තිබේද?
      1. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔවූන් මුහුනදෙන ගැටලු පිළිබද හඳුනාගෙන තිබේද?
      2. නිස්චිත ජිවනෝපායක්වත් නොමැතිව කෙටරම් පිරිසක් සිටීද?
      3. සමාජිකයන්ගෙන් කෙතරම් පිරිසක් විරැකියාවෙන් පෙලෙනවාද?
      4. වාසය කරන නිවාස වල අඩුපදු, නිම නොකල නිවාස කෙතරම් ප්‍රමාණයක් තිබේද?
    2. ඔවූන්ගේ අධ්‍යාපනික මට්ටම පිළිබදව සොයා බැලීමක් කර තිබේද?
      1. පවූලේ සෑම සමාජිකයකුම, පිරිසක් පමණක් ලෙස නිරන්තරයෙන් පන්සල ඇසුරු කරන පිරිස කෙතරම්ද?
      2. ඔවූන්ගේ ධර්මය කිරෙහි නැඹුරුව කෙතරම්ද?
      3. කෙතරම් දුරට ධර්මය ප්‍රගුණ කර අයවලුන්ද?
      4. දහම් අධ්‍යාපනව ලබන කෙතරම් පිරිසක් සිටීද? කෙතරම් පිරිසක් ඉන් බැහැරව කටයුතු කරයිද?
      5. අධ්‍යාපනය ලබන කෙතරම් පිරිසක් සිටීද?
      6. පාසල් යන වයසේ, උසස් අධ්‍යාපනය ලබන සමාජිකයන් කෙතරම් පිරිසක් සිටීද?
      7. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වැඩිදුර අධ්‍යාපනය අඩපනවූ කෙතරම් පිරිසක් සිටීද?
      8. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීමට නොහැකිව කෙතරම් පිරිසක් සිටීද?
    3. සමාජ සම්බන්ධතාවය පිළිබදව කෙතරම්දුරට දැනුවත් වීමක් තිබේද?
      1. කෙතරම් දුරට පවුලක් ලෙස සමාජයට අදර්ශසම්පන්නව කටයුතුකරනවාද?
      2. පවූලේ සමාජිකයන් බීමතට, සුදුවට ඇබ්බැහි වී එනම් දුසරිතට යොමුවූ පවූල් කෙතරම් ප්‍රමාණයක් තිබේද?
      3. නොයෙක් අපරාධ සම්බන්දයෙන් නීතිය ඉදිරියේ වැරදිකරුවන් වී කෙතරම් පිරිසක් දඬුවම් ලබනවාද?
  4. ඉහත තොරතුරු ලබාගැනීමට ක්‍රමයක් දැනට තිබේද? ඇත්නම් කවරකු භාරේ පවතීද? , එම තොරතුරු ලබාගත හැකිද? ,එම තොරතුරු ලබාගත හැක්කේ කේසේද?
  5. ඔවූන්ට උපකාර අවශ්‍ය නම් ඔවූන් පිළිබදව අවබෝධයක් තිබිය යුතුය මේ සදහා ඉහත ලබාගන්නා තොරතුරු මසිකව හෝ වාර්ෂිකව යාවත්කාලීන කිරීමට නිරන්තරයෙන් කලයුතුවේ. මේ සදහා ක්‍රමවේදයක් තිබේද? ඔවූන් ගැන කෙතරම්දුරට අවධානයෙන් සිටීද?
  6. මෙලෙස ලබාගන්නා තොරතුරු උපකරීකරගෙන ඔවූන්ගේ ඟැටලු විසඳා ගැනීමට උපකරීවීමට වැඩපිළිවලක් යොදා තිබේද?

මෙලෙස නිරන්තරයෙන් කටයුතු සොයා බලා කටයුතු කිරීමෙන්,

කලකට පෙර පිය, දියනිය හා සමණේර හිමි නමක් පවුලෙ සිදුවූ සුලු ආරවුලක් දීර්ඝ කාලයක් පැවතීම හේතුවෙන් සියදිවි නසා ගත්තා ඔබට මතකද? මෙහිදී මා විසින් මෙසේ සිදුවීමට දැකපු ප්‍රබලම කාරනය පවුලේ අනෙකුත් සාමාජිකයන් නිරන්තරයෙන් පන්සල ඇසුරුකරන බව හෝ ධර්මයට නැඹුරුවක් තිබු බව පෙනෙන්නට නොතිබීමයි. පෙර සොයා බල ධර්මය කෙරෙහි නැඹුරුවක් ඇතිකර තිබුනේ නම්, ඔවූන් ලබාගත් ධර්මාවබෝධය නිසා දිවිනසාගැනීම වැනි මොඩ ක්‍රියවක් නොකර ගැටලුව විසදාගැනීමට ක්‍රමයක් සොයනු ඇති . සමණේර හිමියන් ලවාම සිදු කිරීමටත්, උන්වහන්සේලා ධර්ම ප්‍රචාරය කෙලෙස සිදුකරන්නේද කියා අවධානයක් තිබුනේ නම් උන්වහන්සේට ධර්ම ප්‍රචාරය උන්වහසේලාගේ ගිහිකල පවුලෙන් අරම්භ කිරීමටත්, ධර්ම ප්‍රචාරය කෙලෙස සිදුකරන්නේද කියා මනා අවබෝධයක් ලබාගන්නට තිබුනි. අනෙක් අතට නොදන්න කෙනෙක්ට වඩා දන්න කියන කෙනෙක්ට යමක් පැහැදිලිකර තෙරුම් කරන්නේ කෙසේද කියා අවබෝධයක් තියන නිසා වඩා පහසු වෙන්න්ම ඔවූන්ව ධර්මය කෙරෙහි යොමු කරගැනීමට හැකිවේ.

පවූලේ සමාජිකයන් මතට, දුරාචාරයට ඇබ්බැහිවී පවුලම විනශ වනු, ප්‍රදේශයටම අපකීර්තියක් ඇතිවන ආකාරයට කටයුතු කරනු සමජය දුටුවිට භික්ෂූන්වහන්සේලා කෙරෙහි පැහැදීමක් ඇතිවේද? තමන්ගේ ගිහිකල පවුලවත් යහපත් මර්ගයට ගැනීමට නොහැකි නම් රටේ අනෙකුත් පිරිසට ධර්මය ප්‍රචාරය කල හැකිද?

භික්ෂූන්වහන්සේලාගේ ගිහිකල පවුලේ සමාජිකයන් ධාර්මිකව, ආදර්ශමත්ව පවුලක් ලෙස කටයුතු කරයි නම් , මෙම පවුලෙ යපත දැකීමම පුද්ගලයකුට ධර්මය කෙරෙහි නඹුරුවක් ඇතිකර ගැනීමට හේතුවක් නොවන්නේද? පැහැදීමක් ඇති නොවන්නේද?

බොහෝ භික්ෂූන්වහන්සේලා ධර්මය කෙරෙහි ඇති අනවබෝධය නිසා ධර්මය ප්‍රචාරනය කරනවා වෙනුවට, උන්වහන්සේලා ඇතින් සිදුවන ඇතම් කරුනු නිසා පන්සල එන සැදැවතුන්ට පවා ධර්මය එපා වන ආකාරයට කටයුතු සිදුවෙනවා නොවෙද? මෙවා පිළිබදව සොයා බලා ඊට පිළියම් යෙදීම ගුරු හාමුදුරුවරු, සංඝනායක හිමිවරු, නිකායේ ප්‍රධාන හිමියන්වත් ඉදිරිපත් වනු පෙනෙන්නට තිබේද?.
මාහට අවබෝධ වනවිදිහට සාසනය තුල පැවිදිවීමට අරමුණු දෙකකි. එනම් නිර්වානය උදෙසා ධර්මය අවබෝධ කරගැනීමට, අවබෝධකරගත් ධර්මය ප්‍රගුණ කිරීමට, ප්‍රගුණ කර ධර්මය මාර්ගයෙන් නිර්වානය අවබෝධ කරගැනීමත් ( මෙය ගිහි ජිවිතයක් ගතකිරීමෙන් ගිහි ජිවිතයේ පැමිණෙන ගැටලු සමඟ නිර්වානයට කටයුතු කිරීම පහසු නොවේ ), අවබෝධකරගත් ධර්මය සසර දුකින් පෙලෙන තැනැත්තන්ට පිහිට වීම පිනිස ධර්ම ප්‍රචාරය කිරීම. ධර්මය සමාජය තුල රැකෙන්නේ සමාජයට ධර්මාවබෝධය ලැබීමෙන් නොවෙද? සමාජයට ධර්මාවබෝධය ලැබෙන්නේ ධර්ම ප්‍රචාරය හේතුවෙන් නොවෙද? තම ගිහිකල පවුලේ සාමාජිකයන්ටවත් ධර්මාවබෝධය ලබාදීමටවත් නොහැකි නම් ධර්මය රැකගැනීමට ධර්මය හැර වෙනත් ක්‍රමයක් තිබේද?

මතු දිනක යමෙකුට ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අනාගතය වෙනුවෙන් ධර්මය සුරැකිව තිබිය යුතුය. මෙහිදී වඩාත්ම වැදගත් කරුණ ධර්මය අවබෝධ කරගැනීමේ වැදගත්කම, අවශ්‍යතාවය පිළිබද දැනුවත්වීම වේ.
ලියන්න හැකි තැනැත්තෙකුට පමණයි ලිවීමට අවශ්‍ය වනුයේ. ලිවීමට පෑනක් අවශ්‍යවේ. එනම් පෑනක් අවශ්‍යතාවය ඇත්තේ ලියන්න දන්න පුද්ගලයකුටම නොවෙද? ධර්මය අවබෝධ කරගැනීමට අවශ්‍ය වනුයේ ධර්මාවබෝධය ලබාගැනීමේ වැදගත්කම පිළිබදව අවබෝධයක් ඇති තැනැත්තෙකුට නොවෙද?
මේහිදී ගිහි පැවිදි දෙපාර්ශවයේම ධර්මය පිළිබද අවබෝධය වැදගත් වේ. මේ සඳහා හොදින් දර්මය පිලිබද වැටහිමක්, ධර්මය ප්‍රයෝගිකව භවිතා කිරීමට හැකි පිරිසක් බිහිකරගත යුතු නොවෙද?
මේ සඳහා කොතනකින් හෝ අරම්භය ගතයුතු නොවෙද?
ගිහිකල දෙමාපියන්, පවුලේ සෑම හොඳින් හදුනන නිසාත්, ඔවූන්ගේ ධර්මාවබෝධය පිළිබදව හොඳින් වැටහීමක් ඇති නිසා ඔවූන්ට පහසුවෙන්ම ධර්මාවබෝධය ලබාදිමට හැකිවනු ඇත. පහසුම තැනින් ආරම්භ කිරීම වඩා කලෝචිත, ප්‍රයෝගික නොවන්නේද?

අනිත් අතට ගත් විට මේ අය සාසනයට කල පුජාව කෙතරම් පුන්‍ය ක්‍රියාවක්ද? ඔවූන්ට මිට වඩා වැඩි යමක් සමාජයෙන් ලැබිය යුතු නොවේද?
ඔවූන් කල කුසලක් ක්‍රියාව පිළිබදව අභිමානයෙන් කතා කලහැකි වියයුතු නොවෙද? ඔවූන්ව ඒ සඳහා ඔසවා තැබිය යුතු නොවෙද? මේ පිළිබදව මඳක් සිතා බලන්න?

asked 4 months,13 days ago

What is the codrate ?

codrate.com is a standard, fast cross browsing and highly versatile site. It is useful for many large number of Program Development Industries. So you can get support form Codrators , who are the codrate's joiners around world to help your program developments, You can answer other codrator's questions. Communicate with them. Share your knowledge with them. Do you have an interest in programming, So publish your articles about programming. It will help to maintain your professional co-profile. Actually codrate.com is not such as a regular web site. It will be gave new experience, best narrow cross-browser view, reduce processing time to receive browsing request, it's mean do not wasting your time to browsing codrate's web pages because it has been upgrade always modern coding ways. So, what do you waiting for ?. Try your own.

Copyright 2015 Pride - Company. Design by Esila