නිර්මල බුද්ධ දහම විකෘති විමෙන් වලක්වා ගන්නේ කෙසේද?

Votes : 5
366

හෙල දීපය වසර දාහකට ආසන්න කාලයක් නිරන්තර යුධ ගැටුම්, පරසතුරු ආක්‍රමණ වලට ලක්වීම නිසා මෙරට වැසියන්ට සිදුවූ විනාශයන්, පීඩාවන් අප්‍රමාණ වේ. වැසියන්ට පමණක් නොව බුදු ධර්මයට මෙන්ම භික්ෂූන්වහන්සේලාටද අප්‍රමාණ කම්කටොලු වලටද මුහුණ පෑමට මේ මොහොත දැක්වම සිදු උනද එහි විසඳුමක් හෝ අවසානයක් පෙනෙන මානයක ඇතිබව දක්නට නොලැබේ. මෙහිදී ආවාසනාත්මකම කරුණ වනුයේ මේ වෙනුවෙන් තැන තැන කතා කලත්, කාලය කා දමනවා මිස ඊට නිසි පිළියමක් මෙරට කිසිවකුවත්ම සොයනබව පෙනෙන්නට නොතිබීමයි.

නිර්මල බුදු දහම විකෘර්ති කිරීමට, බුදු දහමට ගැරහීමටත් එමඟින් බෞද්ධයන්ගේ අප්‍රසාදය බෞද්ධය කෙරෙහි යොමුකරවාගැනීමටත්, ක්‍රමයෙන් ධර්මයෙන් ඇත් කරවීමටත්, බෞද්ධ, අබෞද්ධ වේශයෙන් පෙනී සිටිමින් උත්සාහගත් අවස්ථා අනන්තවත් පසුගිය දශය කිහිපයක මුලුල්ලේ සිට ප්‍රබලව ස්මතු වෙමින් පවතින කාරණයකි. වර්ථමානය වනවිට මාධ්‍ය භාවිතා කරමිනුත් හා රාජත්‍රාන්ත්‍රිකවත් ධර්මයට වන කෙනහෙලිකම් ක්‍රමයෙන් වැඩිවෙමින් ඇත, මහාසංඝරත්නය මහත් වෙහෙසක් ගනිමින් දහම විකෘර්ති වීම පාලනය කිරීමටත්, වැලැක්වීමටත්, හානිය අවම කිරීමටත් උත්සාහ ගත්තද අද වනතුරුත් කුඩා හෝ ක්‍රියාමර්ගයක් ගැනීමට නොහැකිවීම විශාල ගැටලුවකි.
මේ හේතුවෙන් භික්ෂූන්වහන්සේලාට පමණක් මේයට එරෙහිව හුදකලාව කටයුතු කල නොහැකි වන බැවින්, ගිහියන් ලෙස අපද නිර්මල බුදු දහමේ චිරස්ථිතිය උදෙසා සහය දීම අපගේ යුතුකමක්ද හා වගකීමක්ද වන්නේය. මදකට සිතා බලන්න.

මෙලෙස පොඩ්ඩක් සිතා බලන්න අප යමකට ගෞරව කරන්නේ නම් එහි වටිනාකමක් අපට ඇත, අප වැලද ගන්නේද, පිළිගන්නේද ඒ දෙයම නොවෙද? එලෙසම යමකට අගෞරව කරන්නේ නම් එහි වටිනාකමද අපට නොමැත, අප මුලින්ම අත හරින්නේද ඒ දෙයම නොවෙද? මැණික් ගල් සඳහා විශාල වටිනාකමක් අප විසින් දී ඇත. මේ හේතුවෙන් මණික් සෙවීමටත්, තමන්ගේ කරගැනීමටත්, ඒවයේ වටිනාකම වැඩි කරගැනීමටත් නොයෙකුත් ආකාරයට උත්සාහ ගනී, නමුත් වටිනාකමක් නොදෙන බොරලු කැටයකට එය මෙසේ වේද?
බුදු දහමට සමාජයම් අගෞරව කරන්නේ නම්, ගරහයි නම්, නැති දොස් දකීනම් කාලයත් සමඟ දහමේ වටිනාකම නොදැනුවත්වම නැතිවී යයි. එවිට වටිනාකමක් බොරලු කැටයට සිදුවන දේම ධර්මයටත් සිදු නොවන්නේද? මඳකට සිතා බලන්න?
බුදු දහම යනු කුමක්ද? විශ්වය පිළිබද යථා ස්වභාවය ඒ අයුරින්ම අවබෝධ කර ගෙන මිථ්‍යා දෘෂ්ඨිකත්වය නිසා නිරන්තරයෙන් සසර තුල ඉපිදෙමින් සිදුකරන අයහපත් අකුසල ක්‍රියාවෙන් මිදී යහපත යහපත් අයුරින්ම දැන නිරන්තරයෙන්ම කටයුතු කරමින් භව ගමන කෙටි කරගැනීමට ඇති එකම දැනුම, මර්ඟය වනේ බුද්ධ දේශනය නොවෙද? එවන් දහමකට සමාජය විසින් අගෞරව කරයි නම්, පහත් ලෙස දකී නම් එවන් සමාජයකට තෝරා ගැනීමට ඉතිරිවන්නෙ කුමන මාර්ඟයක්ද?, ගමන් කරන්න වෙන්නේ කුමන දිශාවකට? ඔබට පිළිතුරක් තිබේද? නැත්නම් මෙලෙසද සිතා බලන්න. සමාජයට යහපත් දෑ අයහපත් ලෙස පෙන්වයි නම්, අයහපත් ලෙස දැකීමට මෙහෙයවයි නම්, එවන් දෑ වටිනාකමක් නොමැති දෙවල් බවට අවබෝධ කරවීමට පොලබවයි නම් මෙය සිදු කිරීමට හැක්කේ අයහපත්, නොසරුප් දෑ යහපත් ලෙසද, වටිනාකමක් ඇති දේවල් බවට දැකීමට පෙලබවීම මඟින් නොවෙද? මෙවන් මඟක තෝරාගන්නා සමාජයකට අවසානයේදී කුමක් සිඳුවේද? උදහරණක් ලෙස ඔබේ රටට අද අත්ව ඇති ඉරණම දිහා සලකා බලන්න. එවිට ඔබටම මැනවින් වැටහෙනු ඇත.

ලංකාවයනු නිවහල් නිදහස් සෛවරී රජ්‍යකි. ලංකාව තුල ඔනෑම පුද්ගලයකුට ඔනෑම කටයුත්තක් කිරීමට නිදහස පවතී. මෙය අප සැවොම පිළිගන්නා කාරණයක් නොවෙද? නමුත් පහත උදාහරණය දෙස සාවදානව සලකා බලන්න.
ලංකාව තුල ඔනෑම පුද්ගලයකුට ඔනෑම කාන්තාවක් සමඟ විවාහ වීමට හා එකට වාසය කිරීමට හැකියාවක් ඇත. ඒ සදහා නීතිමය බාදාවක් දන්න තරමින් නොමැත? එය ඔවූන්ගේ අයිතිවාසිකමකි, හිමිකමකි නොවෙද? නමුත් මොනම පුද්ගලයකුටවත් කාන්තාවක් බලහත්කාරයෙන් විවාහ කරගැනීමට හෝ අපයෝජනයට ලක් කිරීම හැකිද? එය අපරාධයක්, වරදක්, සාපරදී ක්‍රියවක් නොවෙද?
එම පුද්ගලයාට තමාගෙ මතය, කැමැත්ත මත ක්‍රියා කිරීමට හිමිකම වගේම ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවන එම කාන්තාවටද තමාගෙ මතය, කැමැත්ත මත ක්‍රියා කිරීමට හිමිකමද තිබිය යුතු නොවෙද? ඉහත උදාහරණ තුනෙහිම,
  1. පුරුෂයගේ හා කාන්තාවගේ කැමැත්ත මත විවාහ වීම.
  2. පුරුෂයගේ කැමැත්ත මත කාන්තාව බලහත්කාරයෙන් විවාහ කරවාගැනීම.
  3. අපයෝජනයට ලක් කිරීම.
කාන්තාවක් හා පුරුෂයකුගේ හා දෙදෙනාගේම කැමැත්ත මත එක්වීමක් තිබුනද අවසන් අවස්ථා දෙකෙහිම එම පුරුෂයාගේ චේතනාව මුල් අවස්ථාවට සපේක්ෂව වෙනස් බව ඔබට වැටහෙනවා නොවෙද? එලෙසම ඊට ප්‍රතිචාර දක්වන කාන්තාවගේද චේතනාවද වෙනස් වන බව ඔබට වැටහෙනවා නොවෙද? කන්තාවගෙ පැත්තෙන් හිංසන, හිරිහැර ක්‍රියවකි.
ඉහත පුරුෂයට යමක් කිරීමට, මතයක් දැරීමට හැකි හිමිකමට ඇති ඉඩකඩම, ඔහුගේ ක්‍රියාව මත බලපාන අනිත් පාර්ශවය වන එම කාන්තාවටද ඊට එරෙහි වීමට හෝ පක්ෂ වීමට හැකි හිමිකමට ඉඩහසරද නොතිබුනොත් සිදුවන්නෙ බලවත් අකටයුත්තක්, අපරාධයක්, විනාශයක් නොවෙද?
තමාට වූ අකටයුක්තට කාන්තවට යුක්තිය ලබාගැනීමට නිස්චිත ක්‍රමවේදක් හෝ වටපිටවක් නොමැති නම් කුමක් වෙද? උදාහරණය ලෙස අවමතරමින් බලහත්කාරකමක් සිදුවීම නීතිය ඉදිරියේ පිළිගත් වරදක් නොවේ නම් ( යමෙකුට තමාට කැමති අයුරකින් කටයුතු කිරීමට ඇති හිමිකම ලබාදීමට ), තමට සිදුවූ බලවත් අකටයුත්තට යම් පිළිසරනක්, සමාජ සාධාරණත්වයක් ලබාගැනීමට නිසි ඉඩක් සකසා දී නැත්නම් මෙහිදී සිදුව ඇත්තේ එම පුරුෂයාට අපරාධයක් කිරීමට ඇති මනව හිමිකම අරක්ෂා කිරීමට එම කාන්තවට හිංසනයට ලක්වීමට සිදුවීම නොවෙද? මඳකට සිතන්න.
එවිට ගැටලුව වනුයේ බලවත්ම මනව හිමිකම අහෝසි වූයේ බලහත්කාරකම වූ ඉහත කාන්තාවටද නැත්නම් බලහත්කාරකම කල ඉහත පුරුෂයාටද?
මෙවන් අවස්ථාවක අප විසින් ආරක්ෂා කර දිය යුත්තේ ඉහත කවරෙකුගේ නිදහසද?
මෙවන් අවස්ථාවකදී අධිකරණ විසින්ද මෙය පුරුෂයාට හිමිකමක් නොව වරදක්, අපරාදයක් ලෙස දකිනවා නොවෙද?

තවද ලංකාව තුල ඔනෑම පුද්ගලයකුට තමන්ට කැමති මතයක් දැරීමට, එම මතය පිළිබද ප්‍රකශ කිරීමට, අදහස් දැක්වීමට, ඒ මත ක්‍රියා කිරීමට ඇති ඉඩකඩට, අවකාශයට, නිදහසට අපිද ගරු කරමු? එවන් ඉඩක් තිබිය යුතු බව අපිද පිළිගනු, විශ්වාස කරන්නෙමු. නමුත් එහි සීමවක් තිබිය යුතු නොවෙද? අසීමාන්තිකව ඇති නිදහසෙන් සිදුවන්නේ යහපතක් නොව විනාශයක් බව ඔබට වටහා ගත හැකිද?
එලෙසම යමෙකුට යම් මතයක් දැරීමට ඇති අයිතියට ඊට වැඩි හිමිකමක් ඉන් යම් පාර්ශවයකට අගතියක්, අකටයුත්තක්, අපරාධයක් සිදුවේ නම් අගතියට පත් එම පාර්ශවයද තමන්ට සිදුවූ නොපනත්කම් වලට යුක්තිය ඉටු කරගැනීමට නීතිය ඉදිරියෙද ඉඩ ප්‍රස්ථාව සලසා දීම අපගේ සමාජ වගකීමක් නොවෙද? එවිට සමාජයට තමන් කරන කටයුතු පිළිබදව වගකීමක්, වගවීමක්, බැදීමක් ඇතිවනව නොවෙද?
උදාහරණයක් ලෙස යම් පුද්ගලයකුට කැමැති ඕනෑම දෙයක් කිරීමට හිමිකමක් අත්නම් නම්, මනුස්‍ය ඝාතනයන් කිරීමටද හිමිකමක් ඇත. නමුත් ඝාතනයට ලක්වන පුද්ගලයාගේ ජීවත් වීමේ අයිතිය, යමකුට තමාට කැමති දෙයක් කිරීමට ඇති අයිතියට වඩා වැඩි නොවෙද? මෙරට නීතිය මඟින්ද තහවුරු වීම නිසා සමාජයට ජීවත් වීමේ අයිතිය පිළිබදව වගකීම, වගවීම, බැදීම තහවුරු වේ. මනුෂ්‍ය ඝාතනය අපරාධයක් වීම, නීතිය තුලින් දඩුවම් ලැබීම, එරෙහිව කටයුතු කිරීමට ක්‍රමවේදක්, ආයතන තිබීම නිසා සීමා කරගැනීමට හැකියාවක් ලැබී තිබේ. එලෙස නොවූයේ නම් ගසකින් කොලයක් වැටෙන ලෙස මනුස්‍ය ඝාතනයද සරල කරනක් වනවා නොවන්නේද?

තමන්ගේ මතය ඵලකිරීමට, මතයක් දැරීමට ඕනෑම පුද්ගලයකුට අයිතියක් පවතී නම්, එම හිමිකම භාවිතයෙන් තවත් පිරිසක් අපහසුවට, හිරිහැරයට, කරදරයට පත්වේ නම්, එම අගතියට පත්වන පාර්ශවයට තමා වෙනුවෙන් පෙනීසිටීමට ඔවූනටද හිමිකමක් නොමැතිද? , ඉඩක් නොමැතිද? ඔවූනට යුක්තිය ඉටු කිරීම එම අපරාධය සිදුකල තැනැත්තාගෙ හිමිකම කඩවීමක්ද?

බුද්ධ සාසනයේ චිරස්තිතිය උදෙසා ධර්ම කතිකාවත්, දාර්ශනික මතවාදයන් අවශ්‍ය වේ. ඕනෑම අයෙකුට ධර්මය පිළිබදව යම් මතයක් දැරීම අයිතියක්, හිමිකමක් ලෙසද ගතහැකිය. එහිද ගැටලුවක් නොමැත. ධර්මය පිළිබදව තම ස්වාදීන මතයක් දැරීමට ඇති අයිතියද අපද පිළිගනිමු, දහම තුලින්ද ඉඩ සලසා දී ඇත. නමුත් එවන් විටකදී ධර්මය පිළිබද නිසි අවබෝධයක් නොමැතිකම නිසා තමන් දරන මතවාදන්ගේ දෝෂ ඇතිවීම ස්වාභාවිකය. දෝෂ සහිත මතවාදයන් සමාජ ගතවීම හරහා කාලයත් සමඟම දහම විකෘති වීම ඊට සමගාමිව සිදුවේ. දිගින් දිගටම මෙලෙස සිදුවිම ඉතා භයානක නොවෙද? කාලයත් සමඟම ඉතිරිවන්නේ විකෘතියක් මිස දහමක් නොවෙද? කෙනෙකුගේ අදහසක්, මතවාදක් දැරීමට ඇති හිමිකම රැකීමට යාම නිසා ධර්මයට වන්නේ විසල් විනාශයකි, හානියකි. කෙනෙකුගේ හිමිකම සිදුවන දහමේ විකෘති වීම නිර්මල දහමට ප්‍රිය කරන බොහෝදෙනකුට හිරි හැරය නොවෙද? ඔවූන්ගේ හිමිකම කඩවීමක් නොවෙද? දර්මය අවබෝධ කරගනීමට උත්සාහ ගන්න අයට බදාවක් නොවෙද? ඉන් අගතියට පත් ඔවුන්ගේ හිමිකට කුමන අයුරකින් යුක්තියක්, සාධාරණත්වයක් ඉටු වේද?
එලෙසම ද්වේශසහගතව, සිතමතම ධර්මාර්ථ ( ධර්මයේ අර්ථය ) විකෘර්ති කිරීම, ධර්මයට අගෞරව වන අයුරින් කටයුතු කිරීම, මතවාද, ප්‍රකාශ ඉදිරිපත් කිරීම, සමාජය වැරදි මතයන්ගෙන් නොමඟ යැවීමට කටයුතු කිරීම විසල් වරදක්, ද්වේශසහගත අපරාධයක් නොවන්නේද? සපරාදී ක්‍රියවක් නොවන්නේද? මෙලෙස අකටයුතුකම්, අපාරාධ කිරීම ඔවූන්ගේ හිමිකමක් වන්නේ කෙලෙසද? වරදක් යමකුගේ හිමිකමක් වන්නේ කෙලෙසකද?

මෙය දහමට පමනක් පොදු කරණාවක්ද
  1. අදිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම, මතවාද දුරීම නිසා මහජනතාවට අදිකරණය, අදිකරණ ක්‍රියාවලිය පිළිබද විශ්වාසය බිදවැටීම නිසා අදිකරණ කටයුතුවලට බාධ වන බැවින් අදිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කරන, මතවාද දරණ පුද්ගලයන්ට එරෙහිව අපරාධයක් ලෙස සලකමින් ක්‍රියා කල නොහැකිද? ( මෙය දේශපාලඥයන්ට පමණක් මෙම නීතිය කෙලෙස බලපනවාදැයි මට අවබෝධයක් නොමැත. )
  2. යම් තැනැත්තකු රටේ සෛවරීත්වයට හානිකරන, රට බෙදන අයුරින් යම් ප්‍රකාශණයක්, ක්‍රීයාවක් සිදුකල විට රටට වන භෞමික අකන්ඩතාවයට වන හානිය සැලකිල්ලට ගෙන එවැනි පුද්ගලයන්ට එරෙහිව අපරාධකරුවන් ලෙස නීතිය ක්‍රියත්මක නොවන්නෙද? ( මෙයද දේශපාලඥයන්ට පමණක් මෙම නීතිය කෙලෙස බලපනවාදැයි මට අවබෝධයක් නොමැත. )
  3. ජනවාර්ගික අර්බුද අතිකරන, ජනතාව කුපිත කරන සුලු ප්‍රකාශ නිකුත් කරන්න අවස්ථා වලදීද මහජන කැලබීම් ඇතිකිරීම වැලැක්වීමට, එවන් කටයුතු වරදක් ලෙස සලකමින් ඉතා දැඩිව නීතිය ක්‍රීයාත්මක නොවෙද?

යම් පුද්ගලයකු දරණ මතවාදයක් ද්වේශ සහගතව , අපහාසාත්මකව අර්ථය විකෘති කර හෝ එම පුද්ගලයා කිවූ බවට සාවද්‍ය කරුණක් ( ඉහත පුද්ගලය නොකි කරුණක් කිවූ බවට ) වෙනත් පුද්ලයකු ප්‍රකාශකලොත්, මත ඉදිරිපත් කලොත් මෙම තැනැත්තා කර ඇත්තේ අපරාධයක් නොවෙද? අදිකරණය ඉදිරියේ පිළිගත් වරදක් නොවෙද? මෙයින් අගතියට පත් පර්ශවයට යුක්තිය ඉටු කරගැනීමට නෛතික ක්‍රියා මර්ඟ ගත නොහැකිද? ඒ සඳහා අධිකරණය තුලින් ඉඩ සලසා දී නැත්ද?
යම් පුද්ගලයකුට ද්වේශ සහගතව, සාවද්‍ය ලෙස අපහාස කිරීමකදී, පුද්ගල මතයන් විකෘති කිරීමකදී නීතිය මෙලෙස වූවත්, බුදුනට හෝ ධර්මයට සිදුවන මෙවන් අකටයුතුකම් පිළිබදව කටයුතු කිරීමට නීතියක් හෝ ක්‍රමවේදයක් පවතීද? එසේ නොමැති නම් රිසිසේ බුදුනට හා ධර්මයට ද්වේශ සහගතව, සාවද්‍ය ලෙස අපහාස කල හැකිද? ධර්මය පහසුවෙන්ම විකෘති කර ඉදිරිපත් කල හැකිද?

අදහස්, මතයන් දැරීමේ හිමිකම භාවිතා කර නීතිය පිළිබදව වැරදි අර්ථකතන, අර්ථ නිරුපනයන් ලබාදී නීතිය විකෘති කර සමාජගත උත්සාහ ගත්විට කුමක් සිදුවේද?
  1. අපරාධය පිළිබද ප්‍රබල සාක්ෂී තිබුනද වැරදිකරුවන් නිවැරදිකරුවන් කල හැකිය.
  2. නිවැරදි තනැත්තකු වැරදිකරුවකු කරමින් තමන් නොකරපු වරදකට දඩුවම් කල හැකිය.
  3. අපරාධයක් වරදක් නොවන බව ඔප්පු කර අපරාධය යට ගැසීමට කටයුතු කිරීමට හැකිය.
  4. නීතිය ක්‍රියාත්මක කරන යුක්තිගරුක පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට භාවිතා කල හැකිය.
මේ ලෙස නීතිය අවභාවිතාවීම නිසා මහජනතාවට නීතිය කෙරෙහි ඇති විශ්වාසය බිද වැටීම සිදුවේ. එලෙසම මෙහි ඇති බරපතල කම ඔබට වැටහෙනු ඇත?

නීතිය මෙන්ම දහමටද මෙලෙසම විසල් හානියක් වේ. ඉහත හිමිකමම ධර්මය කෙරෙහි යොමුවූ විට,
  1. දුසීල චීවර වේශදාරීන් බලහත්කාරයෙන් සාසනය තුල රැදෙමින් සැදැහැවත් ජනයා මුලා කර ලාබ, පුදසත්කාර ලබාගත හැකිය.
  2. දුසීල චීවර වේශදාරීන් සාසනය තුල රැදීමට, ඔවූනට රිසිසේ කටයුතු කිරීමට ධර්මය විකෘති කිරීමද කලයුතුවේ, කරනු ලබයි.
  3. මිථ්‍යා මතදාරීන් ධර්ම කරුණු වැරදි ලෙස ප්‍රචාරය කර ධර්මය කෙරෙහි සැකයක්, අවිශ්වාසයක් උපදවා සමාජය ධර්මයෙන් ක්‍රමයේන් ඈත් කිරීමට කටයුතු කල හැකිය.
  4. මේ සඳහා මුදලක්, වරදාන තනතුරු ලබා දී උපතින් බෞද්දයන් වූ සමාජයේ උගත් පිරිසක් භාවිතා කල හැකි වීම.
  5. ධර්මයෙන් ඇත් වන ජනතාව ඉදිරියේ ධර්මය හා භික්ෂූන්වහන්සේලා අපකීර්තියට පත් කර ධර්මයට හා භික්ෂූන්වහන්සේලාට එරෙහිව මහජනතාව පෙලබවිය හැකිය.
  6. ඉහත ආකාරයට ධර්මයෙන් ඉවත් වූ ධර්මාවබෝධය නැති සමාජයක් තුලට පහසුවෙන්ම මිථ්‍යා මතයන් ප්‍රචාරය කල හැකිවේ.
ධර්ම ප්‍රචාරය නොවන හා ඒ සඳහා නිසි වැඩපිළිවලක්, අවධානයක් නොමැති අවදියක ධර්මය පිළිබද අනවබෝධය හේතුවෙන් බොහෝ සැදැහැවතුන් පහසුවෙන්ම මුලා කර හැකිය.

මෙලෙසගත් විට දහම විකෘර්ති කිරීමට උත්සාහ ගැනීම නිසා වන හානිය සුලු පටු නොවේ. මෙලෙස මෙතරම් පැහැදිලි කලද තවදුරටත් ඔබට වරදක් ලෙස නොපෙනේද, අවබෝධ නොවේද? මෙවැනි අපරාධයන් අස්පනාපිට සිදුවූවත් අපරාධය වලක්වා ගැනීමටත් නිදහස ලැබී වසර හැත්තෑවක් ගතවන මොහොතෙදිවත් නීතියක් නොතිබීම, ඒ සදහා අවධානය යොමු නොවීම කනගාටුවට කාරණයක් නොවෙද? මෙච්චර විචිත්‍රවත් දහමක් විකෘති වීමට ඉඩදී බලාසිටින්නේ කවරෙකුගේ කුමන සාපරාදී හිමිකමක් රකින්නටදැයි අවබෝධයක් නොමැත.

මෙවැනි නොපනත්කම් දුටුවිට, එවන් දෑ හෙලා දැකීමට ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස කවර අයුරකින් ඉදිරිපත් විය යුතුද? ක්‍රියා කරන්නේ කෙලෙසකද?
දැනුවත් වන්නේ කෙලෙසකද?
මේ සඳහා නෛතිකව කෙතරම්දුරට ඉඩකඩ සලසා දී තිබේද?

බෞද්ධ කටයුතු සම්බන්දයෙන් ක්‍රියත්මකවන, සොයා බලන ලාංකිකයන්ගේ බදු මුදලින් ක්‍රියාත්මකවන ආයතනයවන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව වේ. එලෙසම නොයෙකුත් වරාදාන, වරාප්‍රසාද ලබාදෙමින් බුද්දසාසන කටයුතු භාර ඇමතිවරයකු මෙන්ම ඔහුට හෝ ඇයට කටයුතු කිරීම සදහා බුද්දසාසන කටයුතු අමත්‍යංශයකුත් පුරවැසියන්ගේ බදු මුදල් වියදම් කර නඩත්තු කරයි. දහමට වන අකටයුතුකම් සොයා බලා ඊට එරෙහිව කටයුතු කිරීම, පාලනය කිරීම ඔවූන්ගේ රාජකාරීය වේ.

මෙවැනි අකටයුතුකම් වලට එරෙහිව ක්‍රියා කල යුත්තේ කෙලෙසකද යන්න සමාජය දැනුවත් කිරීමට හා කටයුතු කිරීමට නෛතික ප්‍රතිපාදන ආයතන වලට ලබාගැනීමට අණ පනත් සකසා ගැනීමට, මෙලෙස අකටයුතුකම් සිදුවන බව සමාජය දැනුවත් කිරීමට සමාජ කතිකාවතක්, මාධ්‍ය කතිකාවතක් ඇතිකර ගත හැකිනම් එයම මෙවැනි අකටයුතුකම් පාලයනට හේතුවක් විය හැකිය.

බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව

  1. ආයතනය පිහිටවීමේ හේතුව, අවශ්‍යතාවය කුමක්ද?
  2. ආයතනය පිහිටවා අදට කොපමණ කලක් ගතවී ඇද්ද?
  3. ආයතනයේ කාර්යභාරය කුමක්ද?
  4. ආයතනයක් ලෙස ධර්ම ප්‍රචාරණය, ආරක්ෂා කරගැනීමට ඉදිරීපත් වන්නේ කෙසේද?
  5. ධර්ම කරුණු විකෘති කිරීම, අසත්‍ය තොරතුරු, මතයන් ප්‍රචාරණය සම්බන්ධයෙන්
    1. කෙතරම් පමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේද?
    2. කෙතරම් දුරට දැනුවත්වීමක් තිබේද?
    3. සොයා බැලීමට විදිමත් වැඩපිළිවලක් තිබේද? සොයා බලන්නේ කෙසේද?
    4. තොරතුරු ලබාගැනීමට වැඩපිළිවලක් සකසා තිබේද?
    5. කෙතරම් ප්‍රමාණයකට කටයුතු කර තිබේද?
  6. ආයතනයක් ලෙස ධර්ම කරුණු විකෘති කිරීම, අසත්‍ය තොරතුරු, මතයන් ප්‍රචාරණය
    1. වරදක්, අපරාධයක් ලෙස දකීද?
    2. එරෙහිව කටයුතු කිරීමට නෛතික ප්‍රතිපාදන තිබේද? එසේ නොමැති නම් මේ සඳහා කටයුතු කිරීම බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවේ කාර්යභාරයක් නොවන්නේ කුමන කරුණක් නිසාද?
    3. එරෙහිව කටයුතු කිරීමට නෛතික ප්‍රතිපාදන සැපයෙන්නේ කුමන අණ පනත් මඟින්ද?
    4. පාලනය කිරීම සඳහා වැදපිළිවලක් සකසා තිබේද? පාලනය කිරීම සඳහා කුමන අයුරකින් කටයුතු කරනවාද?, දායක වෙනවාද?
    5. මෙවයේ පවතින තත්වය පිළිබදව භික්ෂූන්වහන්සේලා දැනුවත් කිරීමටත්, උන්වහන්සේලාගෙන් අදහස් විමසීමටත් ක්‍රමවේදයක්, වැඩපිලිවලක් ( කමිටුවක් හෝ සභාවක් වැනි විදිමත් නිස්චිත පරිපාලක වියුහයක් ) යොදා තිබේද?
  7. මෙවන් අවස්ථාවන් හිදී ආයතනයේ කාර්යය භාරය පිළිබදව සිවිල් සමාජය දැනුවත් කිරීමට වැඩ පිළිවලක් තිබේද?
  8. මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකුට බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව දැනුවත් කරන්නේ කෙසේද? ඒ සඳහා වැදපිළිවලක් තිබේද?
  9. මෙම අකටයුතුකම් සම්බන්ධයේන් දැනුවත් කිරීමට, වැලැක්වීමට, සහයෝගය ලබාගැනීමට මධ්‍ය වැනි ප්‍රචාරණ ක්‍රමයන් භාවිතාකර ජනතාව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සකසා තිබේද? කුමක්ද?
  10. ධර්ම කරුණු විකෘති කිරීම, අසත්‍ය තොරතුරු, මතයන් ප්‍රචාරණය එරෙහිව හා පාලනය කිරීමට නෛතික ප්‍රතිපාදන සැකසීමේදී බුද්දසාසන කටයුතු අමත්‍යංශය සමඟ කටයුතු කරන්නේ කෙසේද? එහි වත්මන් තත්වය කුමක්ද?

බුද්දසාසන කටයුතු අමත්‍යංශය

  1. ආයතනය පිහිටවීමේ හේතුව, අවශ්‍යතාවය කුමක්ද?
  2. ආයතනය පිහිටවා අදට කොපමණ කලක් ගතවී ඇද්ද?
  3. ආයතනයේ කාර්යභාරය කුමක්ද?
  4. ආයතනයක් ලෙස ධර්ම ප්‍රචාරණය, ආරක්ෂා කරගැනීමට ඉදිරීපත් වන්නේ කෙසේද?
  5. ධර්ම කරුණු විකෘති කිරීම, අසත්‍ය තොරතුරු, මතයන් ප්‍රචාරණය සම්බන්ධයෙන්
    1. කෙතරම් පමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේද?
    2. කෙතරම් දුරට දැනුවත්වීමක් තිබේද?
    3. සොයා බැලීමට විදිමත් වැඩපිළිවලක් තිබේද? සොයා බලන්නේ කෙසේද?
    4. තොරතුරු ලබාගැනීමට වැඩපිළිවලක් සකසා තිබේද?
    5. කෙතරම් ප්‍රමාණයකට කටයුතු කර තිබේද?
  6. ආයතනයක් ලෙස ධර්ම කරුණු විකෘති කිරීම, අසත්‍ය තොරතුරු, මතයන් ප්‍රචාරණය
    1. වරදක්, අපරාධයක් ලෙස දකීද?
    2. එරෙහිව කටයුතු කිරීමට නෛතික ප්‍රතිපාදන තිබේද?
      1. නෛතික ප්‍රතිපාදන සැපයෙන්නේ කුමන අණ පනත් මඟින්ද?
      2. එසේ නොමැති නම් මේ සඳහා කටයුතු කිරීම බුද්දසාසන කටයුතු අමත්‍යංශයේ කාර්යභාරයක් නොවන්නේ කුමන කරුණක් නිසාද?
      3. එරෙහිව කටයුතු කිරීමට නෛතික ප්‍රතිපාදන තිබේ නම් සිදුවන්නේ, ක්‍රියාත්මක වන්නේ කවර ආකාරයටද?
      4. දැන්ට ඒ සඳහා කටයුතු කරමින් යන්නේනම්, එහි වත්මන් තත්වය හා කෙතරම් දුරට අවසාන කර අද්ද? අවසාන කිරීමට කෙතරම් කලක් ගතවේද?
      5. දැන්ට අතරමඟ නැවතී ඇත්නම්, එලෙස බාදාවීමට හේතු කවරක්ද?
      6. පොලිසිය, අධිකරනය, ආන්ඩුව, මාධ්‍ය, සිවිල් ක්‍රියාකාරීන් දැනුවත් කිරීමට, ඔවූන්ගෙන් සහයෝගය ලබාගැනීමට කටයුතු කර තිබේද? මේ සඳහා ඔවූන්ගේ ආකල්ප මොනවද?
      7. මෙවයේ පවතින තත්වය පිළිබදව භික්ෂූන්වහන්සේලා දැනුවත් කිරීමටත්, උන්වහන්සේලාගෙන් අදහස් විමසීමටත් ක්‍රමවේදයක්, වැඩපිලිවලක් ( කමිටුවක් හෝ සභාවක් වැනි විදිමත් නිස්චිත පරිපාලක වියුහයක් ) යොදා තිබේද?
    3. පාලනය කිරීම සඳහා වැදපිළිවලක් සකසා තිබේද? පාලනය කිරීම සඳහා කුමන අයුරකින් කටයුතු කරනවාද?, දායක වෙනවාද?
    4. නෛතික කටයුතු සම්පාදනයේදි කෙතරම්දුරට කටයුතු කර තිබේද? මැදිහත් වීම කෙබදුද?
    5. නෛතික කටයුතු සම්පාදනයේදි අන්ඩුව හා මැති ඇමතිවරු, ජනදිපතිවරයා දැනුවත් කිරීමටත්, ඔවූන්ගෙන් සහයෝගය ලබා ගැනීමට වැඩපිළිවලක් තිබේද? කුමක්ද?
  7. මෙවන් අවස්ථාවන් හිදී ආයතනයේ කාර්යය භාරය පිළිබදව සිවිල් සමාජය දැනුවත් කිරීමට වැඩ පිළිවලක් තිබේද?
  8. මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකුට බුද්දසාසන කටයුතු අමත්‍යංශය දැනුවත් කරන්නේ කෙසේද? ඒ සඳහා වැදපිළිවලක් තිබේද?
  9. මෙම අකටයුතුකම් සම්බන්ධයේන් දැනුවත් කිරීමට, වැලැක්වීමට, සහයෝගය ලබාගැනීමට මධ්‍ය වැනි ප්‍රචාරණ ක්‍රමයන් භාවිතාකර ජනතාව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සකසා තිබේද? කුමක්ද?

බුද්දසාසන කටයුතු භාර ඇමතිවරයා

  1. ධර්ම කරුණු විකෘති කිරීම, අසත්‍ය තොරතුරු, මතයන් ප්‍රචාරණය වරදක් ලෙස දකීද?
  2. ධර්ම කරුණු විකෘති කිරීම, අසත්‍ය තොරතුරු, මතයන් ප්‍රචාරණය සම්බන්ධයෙන්
    1. බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව හෝ බුද්දසාසන කටයුතු අමත්‍යංශය ඔබව දැනුවත් කර තිබේද?
    2. දැනට පවතින නෛතික ප්‍රතිපාදන පිළිබදව හෝ එහි තත්වය පිළිබදව බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව හෝ බුද්දසාසන කටයුතු අමත්‍යංශය ඔබව දැනුවත් කර තිබේද?
    3. කෙතරම් පමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේද?
    4. කෙතරම් දුරට දැනුවත්වීමක් තිබේද?
    5. සොයා බැලීමට විදිමත් වැඩපිළිවලක් ඇමතිවරයා ලෙස තිබේද? ඇමතිවරයා ලෙස සොයා බලන්නේ කෙසේද?
    6. මෙවන් අවස්ථා වලදී බුද්දසාසන කටයුතු භාර ඇමතිවරයා ලෙස ඔබේ කර්යභාරය කුමක්ද?
  3. මෙවයේ පවතින තත්වය පිළිබදව භික්ෂූන්වහන්සේලා දැනුවත් කිරීමටත්, උන්වහන්සේලාගෙන් අදහස් විමසීමටත් ක්‍රමවේදයක්, වැඩපිලිවලක් ( කමිටුවක් හෝ සභාවක් වැනි විදිමත් නිස්චිත පරිපාලක වියුහයක් ) යෙදීමට ඔබ හෝ මීට පෙර සිටි ඇමතිවරුන් හෝ කටයුතු කර තිබේද?

ත්‍රෛනිකායික මාහානායක ස්වාමීන්වහන්සේලා

එකම කරුණක් සම්බන්ධයෙන් භික්ෂූන්වහන්සේලා කිහිප නමක් හාත් පසම වෙනස් ධර්ම අර්ථකතනයන් ලබාදීම හේතුවෙන් ගිහි පැවිදි දෙපාර්ශවයම අතර මත ගැටුම් ඇතිවී ඇත. මේ හේතුවෙන් භික්ෂූන්වහන්සේලාට ඉතා අසෝභන විදිහට ගරහනු දක්නට ලැබේ. එලෙසම උන්වහන්සෙලාගේ ධර්ම දේශනා පිළිබදව එල්ලවෙන විවේචන හේතුවෙන්ද ධර්මාවබෝදය මනා කොට නොමැති පිරිස් අතර කවුද හරි කවුද වැරදි යන්න අවබෝදයක් ඇතිකර ගැනීමට නොහැකිකම හේතුවෙන් භික්ෂූන්වහන්සේලාගේ ධර්ම දේශනා පිළිබදව සැකයක් උපදවාගනී. මෙලෙස දිගින් දිගටම සිදුවීම බුද්ධ ධර්මයේ චිරස්තිතියට බාධාවක් නොවන්නේද?

  1. මෙලෙස සිදුවන්නේ භික්ෂූන්වහන්සේලා අතර ධර්ම කරුණු සම්බන්දයෙන් ඇති අනවාබෝධය හේතුවෙන්ද? නැත්තම් චේතනාත්මකව විකෘති කිරීමක්ද?
    1. මෙය පිළිබදව වැඩිම වගකීමක් දරණ ඔබවහන්සේලා කෙතරම් දුරට සොයා බලා තිබේද?
    2. වැලක්වීමට, අවම කිරීමට දැනට ක්‍රීයාමර්ඟයක් ගෙන තිබේද?
  2. භික්ෂූන්වහන්සේලා අතර ධර්ම කරුණු සම්බන්දයෙන් අනවාබෝධයක් ඇත්නම් එක් එක් භික්ෂූන්වහන්සේලාගේ දුර්වලතා හඳුනාගෙන දහම් අධ්‍යාපනයට උන්වහන්සේලා යොමු කිරීමට වැඩ පිළිවලක් යොදා තිබේද?
  3. භික්ෂූන්වහන්සේලා දෙනමක් අතර එකම ධර්ම කරුණක් සම්බන්ධයෙන් මත දෙකක් තිබීම හේතුවෙන් ගිහි පැවිදි දෙපාර්ශවයම අතර මත ගැටුම් ඇතිවේ.
    1. බුද්ධ දේශනයක් සම්බන්ධයෙන් විවිධ අර්ථකතනයන් කීපයක් තිබිය හැකිද?
    2. මෙය සිදුවන්නේ කෙසේද?
    3. මෙවැනි අකටයුතුකම් සොයා බලා තිබේද? දැනට ගෙන ඇති ක්‍රියාමාර්ඟ කවරේද?
    4. යමෙක් අහස පෙන්වා මෙය අහස බව කියනවා නම් තවකෙක් අහස පෙන්වා එය පොලව බව කියනවා නම් දෙවැනි පුද්ගලයාගේ අවබෝධය පිළිබදව අමුතුවෙන් කිව යුතුද? එලෙසම එකම ධර්ම කරුන සඳහා විවිධ අර්ථයන් ලබාදේ නම් භික්ෂූන්වහන්සේලාගේ දහම් අධ්‍යාපනය පිළිබද ගැටලුවක් තිබේනවා නේද?
      1. මේ පිළිබදව කෙතරම්දුරට සොයා බලා තිබේද?
      2. පිළියම් යොදා තිබේද?
      3. පිළියම් යොදා තිබේ නම්, එලෙස පිළියම් යොදා තිබියදීත් දවසින් දවස මේ තත්වය උග්‍ර වන්නේ කෙසේද?
      4. මෙවන් දේ නොවීමට උන්වහසෙලාගේ ගුරුහිමි වරුන්ට වගකීමක් පැවරීමක් සිදුවේද? තිබේ නම් මෙවයේ පාලනයක් නොතිබෙන්නේ මන්ද?
    5. භික්ෂූන්වහන්සේලා අතර ධර්ම කරුනු පිළිබද එකිනෙකට පරස්පර අර්ථාකතන ඇති නොවන ලෙස උන්වහන්සේලාට දහම් අධ්‍යාපනය ලබාදීමට විදිමත් වැඩ පිළිවලක් තිබේද? එලෙස නොයොදන්නේ මන්ද?

භික්ෂූන්වහන්සේලා ප්‍රසිද්ධීයේම අනෙකුත් භික්ෂූන්වහන්සේලාගේ හැසිරීම, දේශනාවන් විවේචනය කිරීම ඉහත කරුනේදිත් සඳහන්කලද වෙනම විශේෂයෙන් අවධානය යොමු කළ යුතුවේ. සමහර ගිහි හා පැවිදි පිරිස් අනවබෝධය හෝ චේතනාත්මකව බෞද්ධයන් මුලා කර ලාබ පුද සත්කාර ලබාගැනීමේ අරමුණින් ධර්ම කරුණු විකෘති කරන බව පෙනෙන්නට තිබේ. මේ හේතුවෙන් ධර්මය කෙරෙහි ශ්‍රාද්ධාවක් උපදවා ධර්මාවබෝධය කරගැනීමට උත්සාහ ගන්නා සැදැහැවතුන් නොමඟයයි. කාලයත් සමඟ මෙම විකෘතීන් නිර්මල බුදුදහම සමඟ මුසු විමේ අවධානමත් පවතී. මෙහි බරපතලම කාරනය මෙවැනි අකටයුතුකම් වලට විරුද්ධ වන ගිහි හා පැවිදි පිරිස් ප්‍රසිද්ධියේම විවේචනය කිරීමයි. බොහෝ අවස්ථාවල මෙම විවේචන ඉතාමත් අශෝභන වේ. එලෙසම ප්‍රතිපර්ශවයේද ඊට ලැබෙන පිළිතුරුද එසේම දෙවැනි නොවේ.

නිර්මල ධර්මය පිළිබද මනාකොට අවබෝධයක් ඇත්තේ ඉතා සුලු පිරිසකටය. ඔවූන්ට කුමන ආකාරයට ධර්මය විකෘති කර ඉදිරිපත් කලත් ඉන් හරි වැරැද්ද තේරුම් බේරුම් කර වටහා ගැනීමට හැකියාවක් ඇත. නමුත් අනෙකුත් බොහෝ බෞද්ධ හා මිථ්‍යා දෘෂ්ඨික පිරිස් වලට මෙය එලෙසම සිදුවේද? දෙපර්ශවයේම මතයන් අසා සිටීමට සිදුවේ. කවූරු හරිද කවූරු වැරදිද යන්න ඔවූන්ට අවබෝධ කරගත හැකිද? එයින් ඔවූනට නිර්මල දහමේ ඵලයන් ලබාගත හැකිද? දෙපර්ශවයේම මතයන් නිසා බෞද්ධ හා මිථ්‍යා දෘෂ්ඨික පිරිස් අතර ධර්මය කුමක් දැයි සැකයක්, පිලිකුලක්, අප්‍රසාදයක් හට නොගනීද? එමනිසා දහම පිළිබද ඇතිවන වැරදි වැටහීම නිසා ඔවූන් දහමෙන් ක්‍රමයෙන් ඇත් නොවේද?

  1. එවන් බොහෝ පිරිසක දහම් අධ්‍යාපනය ලබාගැනිමට සුදුසු ක්‍රමයක් සකසා දී තිබේද?
  2. ධර්මාවබෝධය මුල සිටම ලබාගත හැකි ලෙස පොත් පත් පිළිබද නිර්දේශයක් හෝ විෂය නිර්දෙශයක් සකසා තිබේද? දැනුවත් කිරීමක් තිබේද?
  3. මෙලෙස වැඩ පිළිවලක් තිබුනේ නම් ශ්‍රාවකයන් වැරදි මඟක යාම වලක්වා ගැනීමට තිබුනා නොවෙද?

අවමතරමින් භික්ෂූන්වහන්සේලා අතින් සිදුවන ධර්මය විකෘතිවීම් සොයා බැලීමට, පැමිණිලි කිරීමට හා එම පැමිණිලි විභාග කිරීමට නිකාය භේදයෙන් තොරව ධර්මදර හා විනයදර කමිටු හෝ එවැනි වැඩපිළිවලක් තිබේද?

  1. දහම විකෘති වීමද හා එමගින් ශ්‍රාවකයන්ට දහම දේශනා පිළිබදව ඇතිවන සැකයද මුල් අවස්ථාවේදීම නැති කර ගැනීමට තිබුනී.
  2. එසේ තිබුනේ නම් මෙවැනි ගැටලු පිළිබදව ප්‍රසිද්ධියේ විවේචනය කර නොගෙන විසදා ගනීමට තිබුනි.
  3. අකටයුතුකමක් වන පලමු මොහොතේම කටයුතු කිරීමෙන් ගිහි හා පැවිදි පිරිස් අතර අසමගියක් ඇති නොවන්නට තිබුනි.
  4. මෙවැනි කටයුතු වලට ගිහි හා පැවිදි පිරිස් අශෝභනව ප්‍රතිචාර දැක්වීමට යමෙන් සිදුවන අප්‍රසාධය ඇති නොවන්නට තිබුනි.

භික්ෂූන්වහන්සේලා අතින් සිදුවන් වැරදි දෑ නිකාය භේදයෙන් තොරව ධර්මදර විනයදර ලෙස ගෙන සොයා බලා උන්වහන්සේලා අතින් වන වැරදිවලට ධර්ම හෝ විනය උපදෙස්, අනුශාසනා, අධ්‍යාපනයක් ලබා දිය හැකි ගුරු හිමි නමක් යටතට වැඩ වෙසෙන පන්සලෙන් බැහැරව මාස හයක් හෝ එවැනි කාලයකට යටත් කිරීමෙන් උන්වහන්සේලා අතින් වන වැරදි අඩුපාඩු එම ගුරුහිමියන්ගෙ ගුරුහුරුකම් මැද සකසා ගැනීමට හැක. මෙවැනි ක්‍රමවේදයක් සකසා තිබේනම් බොහෝ ගැටලු ඇතිවන මුල් අවස්තාවේදීම නවතා ගැනීමට හැකිනොවේද?

අශ්වය ස්තාලෙන් පැන්නට පස්සේ ගේට්ටුව වසල වැඩක් නෑ වගෙ ගිහි හා පැවිදි පිරිස් වල අපහාසයට, ගැරහිමට ලක්වී වෙන්න තියන සියලුම දේ වූ පසු තිරණයක් ගෙන වැඩක් තිබේද? සිදුවූ හානිය නවත් පියවිය හැකිද? බෞද්ධ හා මිථ්‍යා දෘෂ්ඨික පිරිස් අතර ඇතිවන ධර්මය පිළිබද අප්‍රසාධය නැවත යතා තත්වයට පත කල හැකිද? මෙලෙස අපහාස කරන්නෙ තවත් භික්ෂූන්වහන්සේ නමකටය. උන්වහන්සේ කුමන කටයුත්තක් කලත් උන්වහන්සේ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි. මෙතනින් ආරම්භය ලෙස ගෙන අපහාස කිරීමට බිය නොමැති වූවිට පසුව ඕනෑම මොහොතක අපහාස කිරීමට පැකිලීමක් ඇති නොවේ. පසුව මොනදේ කිවද වැඩක් වේද? වරදට ආරම්භය ගෙන ඇත්තේ අපිම නොවේද?

මේ හැමදේම හරහාම සිදුවෙන්නේ ධර්මය කෙරෙහි සැකයක් ඇති වීම නිසා ගිහි පිරිස් නිර්මල දහමෙන් ඇත්වීමය. මේ තත්වය අවබෝධ කරගැනීමටත් ඊට පිළියම් සෙවීමත් එම විසඳුම් ක්‍රියාත්මක කර නැවත සාසනය පිහිටවිය හැක්කේ භික්ෂූන්වහන්සේලාටම මිස ගිහියන්ට නොවේ.

තවද ගිහි හා පැවිදි පිරිස් තමන්ම අවබෝධ කරගන්නා ධර්ම කරුණු සම්බන්ධයෙන් භේදයෙන් තොරව ධර්මදර විනයදර ලෙස දම් සභාවක් ඉදිරිපිට ශිල්ප දැක්වීම සදහා අවස්ථාවක් ලබාදුනේනම්, එය වඩාම සුදුසු කාලෝචිත පිලිතුරක් වන්නට තිබුනී.

  1. තමන් ඉතිරිපත් කරන ධර්ම කරුණු වල යම් දෝෂයක් පවතීනම් ඉහත දම් සභාවෙ සිටින එම විෂය කරුනු දන්න ගුරුහියන්ගෙන් අවවාද හා උපදෙස් ලබාගෙන වැරදි අවබෝධයන් දුරු කරගැනීමට තිබුනී.
  2. තමා සතු හැකියාවන් ඉදිරිපත් කිරීමට හා පෙන්වීමට ඉඩකඩක් පවතීමත් ගිහි හා පැවිදි පිරිස් ධර්මාවබෝධයට උනන්දු වනු ඇත.
  3. එක් වතවක් හෝ භික්ෂූන්වහන්සේලාට තමන් කැමති ධර්ම කරුනක් පිළිබදව පොතක් හෝ ලිපියක් සකසා දම් සභාව මැද ශිල්ප දැක්වීම කලයුතු ලෙස වැඩපිළිවලක් සැකසීමෙන් දහම සෙවීම පිළිබදව උනන්දුවක් ඇතිවීමටත්, ධර්මාවබෝධය කෙරෙහි යොමුවීමටත්, තමන්වහන්සේගේ ධර්මාවබෝධය පිළිබදව වැටහීමක් ලබාගැනීමටත් හැකිවනු ඇත. මේ හේතුවෙන් මනාකොට ධර්මදර විනයදර භික්ෂූන්වහන්සේලා පිරිසක් බිහි කරගැනීමටත් , දහම සජීවීව පවත්වා ගැනීමටත් උපකාරීවේ. පොතක් හෝ ලිපියක් පලකිරීමට පෙර එහි අන්තර්ගත දහම් කරුනු පිළිබදව ඇති දොස් ගුරුහිමිවරුන් සමඟ සාකච්චා කොට නිවැරදි කරගැනීමට හැකි වන හෙයින් පාඨකයාට සැකයෙන් තොරව පරිශීලනය කරහැකිවේ.
  4. ධර්ම ප්‍රචාරනයේදි දෝෂාරෝපණ හේතුවෙන් ධර්ම ප්‍රචාරනයට ඇති උනන්දුව භික්ෂූන්වහන්සේලාගෙන් ඉවත වන්නට, අදෛර්‍යයට පත්වෙන්නට පුලුවන. මෙය බුදුදහමේ චිරස්චිතියට සුබදායක නොවේ. මෙවැනි කටයුතක් ගුරුහිමිවරුන්ගේ අනුශාසනා, අධීක්ෂණය යටතේ සිදුවන බවින් භික්ෂූන්වහන්සේලාට එහි ආරක්ෂණය එයින් ලැබේ. කිසිවේකුටවත් දොසක් කිව නොහැකිවේ.
  5. හින්දු දහම, ජෝතිශ්‍රවේදය අද වනවිට පිරිහී ඇත. මෙවායේ ශ්‍රාස්ත්‍රිය දැනුමක් ඇති පිරිස් හෝ ප්‍රගුන කරන පිරිස් දැන් නැත. ලාබ පුද සත්කාර පමණක් පිනිසම කටයුතුවේ. මෙවැනි තැන් වලදී සිදුවන අකටයුතුකම් පෙන්වා දෙමින් හරසුන් බව පවසමින් අනෙකුත් පිරිස් ගරහා සමාජයෙන් ඉවත් කල යුතුදේ බව පෙන්වමින් ක්‍රමයෙන් අනෙකුත් මිථ්‍යා දෘෂ්ඨික ආගම් වලට යොමු කරගන්න බවට ලංකාව තුලද ක්‍රියත්මකවන ආකාරය කොතෙකුත් උදාහරණ ඇත්ද?
    ලාබ පුද සත්කාර වලට වහල් වී ගිහි හා පැවිදි පිරිස් නිර්මල දහම විකෘති කිරීමට උත්සාහ ගත්විට වන්නේ ඉහත ඉරණමම නොවෙද? දහම සජීවීව පවත්වාගනී නම් මෙලෙස කිසිවිටකවත් සිදු නොවේ.

යම් භික්ෂූන්වහන්සේලාගේ දේශනා හා හැසිරීම් වලින් නිර්මල දහමට සිදුවන හානියට එරෙහිව ගිහි හා පැවිදි පිරිස් කටයුතු කරන්න පටන්ගග්නී. එවිට උන්වහන්සෙලා හා උන්වහන්සෙලාගේ ශ්‍රාවකයන් ඊට ප්‍රතිචර දක්වන්නට පටන් ගනී. මේ හේතුවෙන් දෙපාර්ශවයේම ගිහි පැවිදි පිරිස් අතරම මත ගැටුම් ඇතිවේ. වඩාත්ම ගැටලුව ඔවූන්ගෙ අවේගශීලීත්වය නිසා බොහො අවස්තාවල ඔවූන්ගේ ක්‍රියද පිලිකුල් සගතවේ. වියයුත්තේ දෙපිරිසෙම ගිහි පැවිදි පිරිස් විසින් එකතුව නිර්මල බුද්ධ ධර්මය විකෘති නොකර හැකිතක් ප්‍රචාරය කිරීම, දහම් අධ්‍යාපනය ලබාදීම වූවත් නමුත් වන්නේ ධර්මය පිළිබද තමන්ගෙ මතයන්, අදහස් විවේචනය කර කාලය කා දැමීමයි. බරපතලම කාරනය භික්ෂූන්වහන්සේලාට උන්වහන්සේලගේ දේශනාවන්, මතවාදයන්, හැසිරීම එවායේ හරි හෝ වැරදි මත විනයකින් තොරව පහත් ආකාරයට ඇමතීම, ගැරහීම, චෝදනා කර ගැනීමය. මෙවැනි දෑ දකින අනිකුත් ගිහි පැවිදි පිරිස් අතර කලකිරිමක්ද, සියලුම භික්ෂූන්වහන්සේලාගේ දේශනා පිළිබදවත් , උන්වහන්සේලා පිළිබදවත් සැකයක්, අප්‍රසාදයක් ඇතිවීම පමණි. භික්ෂූන්වහන්සේලාගේ දේශනා පිළිබද , උන්වහන්සේලා පිළිබදව ඇතිවන සැකය නිසා ක්‍රමයෙන් ධර්ම දේශනා ඇසීමෙන්, දහමෙන්, දහම් අධ්‍යාපනයෙන් ඇත්වේ. මෙලෙස ධර්මය ප්‍රචාරය නොවන පසුබිමක කාලයත සමඟ ධර්මාවබෝධය ඇති පිරිස් ක්‍රමයෙන් අඩුවේ. යම් පමණ දන්නා පිරිස් ධර්මය ඉස්සරහට තබාගෙන ලාබ පුද සත්කාර පමණක් ලබාගැනීමට කටයුතු කරයි. දිගින් දිගටම මෙලෙසම බෞද්ධ පිරිස්ම දෙපසකට වී කලහා කරගැනීම සිදුවේ නම් මෙහි වසිය යන්නෙ මිථ්‍යා දෘෂ්ඨිකයන්ටය. අපගේ වැරදි හේතුවෙන් ඔවූන්ගෙ මිථ්‍යා මත පහසුවෙන්ම සමාජගත කිරීමට ඉඩ අපම දී ඇති නොවෙද?

ලෝකය පුරා කෙතරම් පිරිසක් සිටිනවද බුදුදහමක් තිබෙන බවවත් නොදන්නා. ලෝක ජනගහනයෙන් කෙතරම් සංඛ්‍යාවක්ද ලංකාව තුල සිටින්නේ. එයිනුත් කෙතරම් පිරිසක් සිංහල කතා කරන්නවත් නොදන්න පිරිසක් සිටීද? මොවූනට දහම් දැනුම නොයනතරම් නොවෙද? සිංහලෙන් කතා කරන බෞද්ධයන් කෙතරම් පිරිසක්ද ඉන්නේ. එයිනුත් ධර්මාවබෝධයේ වටිනාකම දැන දහම් අධ්‍යාපනය වෙත වොමුවූ හා ඊට උනන්දුවක් ඇති කරගත් කෙතරම් පිරිසක්ද? මෙවැනි අකටයුතුකම් දැකීමෙන්, පෙනීමෙන්, ඇසීමෙන් ඇති වන කලකිරීම, අප්‍රසාදය හේතුවෙන් ඔවූනුත් දහමෙන් ඇත් උනොත් කුමක් සිදුවේද? මෙලෙස දිගින් දිගටම සිදුවන්නේ නම් නිර්මල බුදු දහමේ චිරස්තිතියක් හෝ ඒ ගැන සිතීමටවත් පුලුවන්ද?

හෙට ඉර පායනවද යමෙක් ඔබෙන් විමසූවිට, ඔබ ප්‍රත්‍යක්ශ ලෙසම හෙට ඉර පායන බව දන්නා හේයින් ඔබට ලෙහෙසියෙන්ම පායන බව කිව හැකිය. නමුත් ඔහු හෙට දිනයේ ඉර නොපායන බව පවසුවොත්?

  1. පෘථිවිය සූර්යාගෙන් ඉවතට ගමන් කලයුතුය.
  2. පෘථිවිය තමාවට කැරකීම ( පරිභ්‍රමණය ) නතර කලයුතුවේ.
  3. සූර්යයා විනාශ වියයුතුය.
  4. පෘථිවිය විනාශ වියයුතුය.
  5. අවම තරමින් හෙට ඉර නොපායයි නම් හෙට කියා දිනයක් තිබිය හැකිද?

ඉතත කිසිවක් පහසුවෙන් සිදුනොවේ. මෙය දන්න ඔබව කිසිලෙසකවත් ඔහු පැවසූ දේ පිළිනොගනු ඇත. නමුත් කවරෙකු හෝ පිළිගත්තොත් එම පිළිගන්න තැනැත්තාගේ අවබෝධය පිළිබදව ඔබට අමුතුවෙන් පැවසිය යුතුද? එලෙසම යම් බෞද්ධයකු යමකු හෝ පිරිසක් විසින් මිථ්‍යා දෘෂ්ඨිකත්වයට පොලබවයි නම් එම මිථ්‍යා දෘෂ්ඨිකත්වයට පෙලබෙන තැනැත්තාගේ ධර්මවබෝධය, දහම් අධ්‍යාපනය පිළිබදව අමුතුවෙන් කිවයුතුද? ගැටලුව ඇත්තේ ඔහුට දහම් අධ්‍යාපනය ලබාදීම පිළිබදව නොවෙද? එසේ නොවන්නට සත්‍යාවබෝධයේ සිට මිථ්‍යා දෘෂ්ඨිකත්වය වැලදගැනීම කෙලෙසක සිදුවන්නේද? වරද ඇත්තෙ මිථ්‍යා දෘෂ්ඨිකයන් තුල නොව අපම තුල නොවෙද? හැකිතාක් ගැටලු අවම වන ආකාරයට බුද්ධිමත්ව බෞද්ධයකු ලෙස හැකිතාක් දහම් අධ්‍යාපනයේ යෙදෙන්න, දහම් අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් ඇති කරගන්න, නිර්මල බුදුදහම පමණක් ප්‍රචාරයේ යෙදෙන්න. හැකිතක් පොත්පත්, ලිපි පලකරන්න , හැකිතක් ධර්ම පුස්තකයන් පරිශීලනය කරන්න. එවයෙන් ලබාගන්නා දැනුම ගුරුහිමියන්ගේ මුලිකත්වය හා උන්වහසේලාගේ අනුදැනුම, අනුශාසනා, අධීක්ෂණයක් යටතේ ශ්‍රාවකයන්ට ලබාදෙන්න? මහානායක ස්වමීන්වන්සේලාගේ සිට සාමණේර භික්ෂූන්වහන්සේලා දක්වාම එකලෙසම නිර්මල බුදුදහම ප්‍රචාරයේ යෙදෙන්න.

කතෘභාවයට හානිනොකර මෙම ලිපියට කරුනු එකතු කිරීමට, සංස්කරණය කිරීමට, වෙනත් භාෂාවකට පරිවර්ථනය කිරීමට හා ඔනෑම මධ්‍ය තුල පලකිරීමට පූර්ණ අවසරය මෙමඟින් හිමිවේ. එලෙස පලකරන ලිපි සම්බන්ධයෙන් මාගේ දැනුවත්භාවයකින් තොරව පලවන හේයින් මගේ වගකීමක් හෝ හිමිකමක් හෝ එම ලිපි සඳහා නොමැත.

asked 4 months,13 days ago

What is the codrate ?

codrate.com is a standard, fast cross browsing and highly versatile site. It is useful for many large number of Program Development Industries. So you can get support form Codrators , who are the codrate's joiners around world to help your program developments, You can answer other codrator's questions. Communicate with them. Share your knowledge with them. Do you have an interest in programming, So publish your articles about programming. It will help to maintain your professional co-profile. Actually codrate.com is not such as a regular web site. It will be gave new experience, best narrow cross-browser view, reduce processing time to receive browsing request, it's mean do not wasting your time to browsing codrate's web pages because it has been upgrade always modern coding ways. So, what do you waiting for ?. Try your own.

Copyright 2015 Pride - Company. Design by Esila