ඊළඟට ඉපලෝගම බලුම්ගල කුමක් සිදුවේද?

Votes : 5
234

වර්ථමානයේ ලංකාව පුරා වසන්ගතක් ලෙස පැතිරෙන ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන විනාශය නතර කිරිමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දිගින් දිගටම අපොහොසත් වන්නෙ කුමනකරුනක් නිසාද?

එමෙන්ම මෙවැනි ජතික අපරාධයක් රජ්‍ය නිලදාරියකු කලවිට අත්වැරැද්දක් ලෙසත් ගෙන ස්ථන මරුවකට විතරක් සිමා වී සිවිල් පුරවැසියකු කලවිට බරපත අපරධයක් ලෙස සලකා අත් අඩංගුවට ගෙන සිරගත කර දැඩි දඩුවම් ලබදෙන්නෙ රජ්‍ය නිලදාරියකුට එක විදිහකටත් සිවිල් පුරවැසියකුට තවත් විදිහකටත් ලෙස දෙයාකාරයෙන් ක්‍රියතමක වන්නෙද? මෙය මාහාපරිමාන අපරාධ වලදි සිවිල්පුරවැසියන් ලෙස දිගින් දිගටම දකින තත්වයකි.

මෙවැනි සංහාරයන්ට එරෙහිව කටයුටු කරන අවංක රාජ්‍ය නිලදාරින්ට අත් වන්නේ ඉතා ඛෙදජනක ඉරණමකි. එවන් නිලදාරීන්ට වන්නෙ දුෂ්කර ප්‍රදේශවලට මරුවීම් හා තර්ජනය කිරීම් හො සේවයෙන් අත්හැර යන තත්වයට වැඩ සැලසිමයි. මෙවන් නිලදාරින් කෙතරම් ප්‍රමානයක් මාධ්‍ය මඟින් පසුගිය කාලය පුරාවටම වර්ථා උනිද?

මේ හේතුවෙන් රාජ්‍ය නිලදාරීන් අතින් හා ඔවුන් ඉදිරිපිටම සිදුවන අපරාධ ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පවති. මේ සදහා විසඳුමක් ඇතිබව පෙනෙන්නටද නොමැත.

කූරගලට, විල්පත්තුවට වූ හානිය ඔබට මතක ඇති. ආගමික හා සමාජීය වශයෙන් ස්ථාපනය වූ විට නැවත එය යතාතත්වයට පත්කිරීම එතරම් පහසු කටයුතක් නොවෙයි. මුල් අවස්තාවේම හදුනාගෙන කටයුතු කිරීමෙන් හානිය වලකා ගැනීමට තිබුනි.

මහජනතාවගේ බදු මුදලින් ක්‍රියත්මකවන ආයතනයක් ලෙස යම් ආයතනයක් පිහිටවීමෙන් බලාපොරොත්තුවන්නවූ සේවාවන් දෝෂ සහිත අකාර්යක්ෂම හා අක්‍රමවත් පරිපාලනය හේතුවෙන් දිගින් දිගටම මඟහරීද, පැහැරහරීද මෙවැනි ආයතනක් පවත්වාගෙන යාමට මහජනතාවගේ බදු මුදල් තවදුරටත් නස්තිකලයුතුද? දුෂිත, අකාර්යක්ෂම ,සේවාවන් පැහැරහරින නිලදාරීනට තවදුරටත් ජනතාවගෙ බදු මුදලින් වේතනයක් ගෙවිය යුතුද? එම ආයතනයට හෝ නිලදාරීනට වෙන් කරන මුදලින් රෝහල් කියක් සැදිය හැකිද? එමඟින් මරනාසන්න රෝගීන් කීයක් බේරාගන්නට තිබුනිද? ළමුන්ට ඉගෙන ගැනීමට පාසල් කීයක් සාදන්නට තිබුනිද? එමඟින් ළමුන් කියකගේ ඇස්පාදන්නට තිබුනිද? රටකට හානිකර මෙවැනි ආයතන පුර්ණ පරිපාලන ප්‍රතිසංස්කරණකට ලක්කර තම සේවාවන් වගකීමෙන් සිදුකරන තත්වයට පත් කරනවද ? නැත්තම් මෙවැනි ආයතන වසාදමනවද යන්න තීරණය කිරීමට කාලය ඉලබී තිබේ?

මෙවැනි ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන අරක්ෂා, සංරක්ෂණය කිරීමට වැඩපිළිවෙලක් යෙදවීම, ක්‍රිය කිරීම හා මෙවැනි ස්ථාන පිළිබද තොරතුරු තබා ගැනීම මෙන්ම මෙවැනි ස්ථාන අරක්ෂා කරගැනීම පිළිබද රජය මෙන්ම ජනතාවද දැනුවත් කිරිමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉතා විශාල කර්යයක් කිරීමට ජනතාවගෙ මුදලින් පිහිටවා ඇති ආයතනය වන්නෙ පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවයි. මේ හේතුවෙන් යම් භුමියක පුරාවිද්‍යත්මක, ඓතිහාසික වැදගත්කම අරක්ෂාව සම්බන්දයෙන් වැඩිම වගකීමක් මෙන්ම දැනුවත් වීමක්ද තිබිය යුත්තේ පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවටයි. මේ හෙයින් කූරගලට, විල්පත්තුවට අත්වූ ඉරණම ඓතිහාසික ඉපලෝගම බලුම්ගලටත් අත්නොවීම සදහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කැපවිම සොයා බැලීම සිවිල් පුරවැසියන් ලෙස අපගේ යුතුකමකි.

ආයතන අභ්‍යන්තර පරිපලනමය දෝෂ, පුරාවස්තූන් සදහා නිසි ආරක්ෂණ හා සංරක්ෂණ වැඩපිලිවලක් නොතිබේම නිසා දවසින් දවස පුරාවස්තූන් ඛදනයට ලක්වීම, අභාවයට යාම , නිසි ආරක්ෂණ ක්‍රමවේදයක් සලසුම් නොකිරීම නිසා අවිධිමත් සංවර්ධනය හා නිදන් සොරුන්ගෙන් විනාශ වීම, පුරාවස්තූන් රැගෙනයම නිසා අදවන විට පෞරාණික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන බොහොමයක් අනාරක්ෂිත තත්වයට පත්ව ඇත. පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව මෙරට වගකීම් දරණ ආයතනයක් ලෙස පහත සදහන් ආයතනික පරිපලනමය ගැටලුවලට ලබාදෙන පිලිතුරුවලට අනුව තවදුරටත් එම ආයතනය වෙනුවෙන් මහජන බදු මුදල් වෙන්කල යුතුද නැද්ද තීරණය කිරීමට මෙරට පුරවසියන් ලෙස ඔබට බාර කරමි.

මෙවැනි ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන අරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවක් ලෙස දැනට කටයුතු කරන්නෙ කෙසේද?

  1. යම් ස්ථානයක් ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථානක් බව හදුනාගන්නේ කෙසේද?
  2. එම හදුනාගත් ස්ථානය අරක්ෂා කිරිමට වැඩපිළිවලක් යොදන්නෙ කෙසේද? ඒවා මොනවද?
  3. එම ස්ථානයේ සංරක්ෂණ වැඩපිළිවලක් යොදන්නෙ කෙසේද? ඒවා මොනවද?
  4. එම ස්ථානයේ සංරක්ෂණ හා අරක්ෂාව දිගින් දිගටම පවත්වාගෙන යායුතුය. එසේ නොමැතිවිට නැවත එම ස්ථානය විනාශ වේ. මේ සදහා වැඩපිළිවලක් යොදන්නෙ කෙසේද? ඒවා මොනවද?
  5. එම ස්ථානයේ ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කම පිළිබඳ අනෙකුත් රාජ්‍ය නිලදාරින් හා මහාජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නෙ කෙසේද? ඒවා මොනවද?
  6. ප්‍රාදේශීය ලේකම් කර්යාලය, මිනින්දෝරු දෙපාර්තුමෙන්තුව වැනි ආයතන මඟින් සහය ලබාගෙන මෙම ස්ථානය පුරාවිද්‍යත්මක භූමියක් ලෙස නෛතික පිලිගැනීමක් ලබාදෙන්නෙ කෙසේද?
  7. එම ස්ථානයේ ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කම පිළිබඳ තොරතුරු ( දත්තයන් ) තබාගන්නෙ හෝ ගබඩා කරන්නෙ කොහෙද? ඒ කොහොමද?

යම් ස්ථානයක සංවර්ධ කටයුත්තක් කරනවිට එම භූමිය පුරාවිද්‍යත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් බව හෝ නොවන බව හඳුනාගැනීමට එම සංවර්ධන කටයුත්ත කරන පිරිසට තොරතුරු ලබාගැනීමට දැනටමත් වැඩපිළිවෙලක් තිබේද?

  1. මෙවැනි තොරතුරු ලබාගැනීමේ වැදගත්කම කුමක්ද?
  2. යම් භූමියක පුරාවිද්‍යත්මකව වැදගත්කම පිළිබද තොරතුරු ලබාගැනිමට යම් අයතනයක් ( රාජ්‍ය හෝ පෞද්ගලික ) හෝ තැනත්තකු විසින් කලයුතු පියවරයන් මොනවද? එසේ සිදුකරන්නෙ කෙසේද්?
  3. දැනට මේ සඳහා වැඩපිළිවෙලක් නොමැතිනම් මෙවැනි ඉතා වැදගත් කරුනක් පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවක් ලෙස පැහැරහරියේ කවර හේතුවක් නිසාද?

මෙම ඉපලෝගම බලුම්ගල භූමියේ පුරාවිද්‍යත්මක, ඓතිහාසික වැදගත්කම කුමක්ද? ඓතිහාසික මූලාශ්‍ර මොනවාද?
මෙම ස්ථානය ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථානක් ලෙස පෙර හදුනාගැනීමට හැකිවී තිබුනෙද? අවම තරමින් ප්‍රසිද්දියේ මුල් ගල් තබනතුරුවත් හෝ ඉන් පසුව වත් මෙම ස්ථානය ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථානක් ලෙස හදුනාගෙන තිබුනෙද?
එසේනම් ඉහත සදහන් කල කරුණු මත මෙම ස්ථානය රැකගනීමට නොහැකි වූයේ කවර කරුනක් නිසාද? අරක්ෂා කරගැනීම සදහා කටයුතු නොකරේ මන්ද?

  1. මෙම භූමියේ අරක්ෂාව හා සංරක්ෂණය සම්බන්දයෙන් වැඩපිළිවෙලක් යොදා තිබුනේද? ඒ මොනවාද?
  2. මෙය පුරාවිද්‍යත්මක වැඩගත්කමක් ඇති භූමියක් ලෙස ජනතාවට හදුනාගැනීමට යම් වැඩපිළිවෙලක් යොදා තිබුනේද? ඒ මොනවාද?
  3. එසේ වැඩපිළිවෙලක් තිබියදීම රජයේ නිලදාරීන් අතින්ම මෙවැනි අපරාධයක් සිදුවූයේ කුමන කරුනක් නිසාද?
  4. මෙලෙස වැඩපිළිවෙලක් නොයොදා සිටියේනම්, වැඩපිළිවෙලක් නොයෙදුවේ කුමන කරුනක් නිසාද?
  5. මෙම ස්ථානයේ සංවර්ධ කටයුත්තක් සිදුකල රාජ්‍ය හෝ පෞද්ගලික අයතන හෝ නිලදාරින් විසින් මෙම ස්ථානයේ පුරාවිද්‍යත්මක හා ඓතිහාසික වැදගත්කම පිළිබද දැනුවත් වීමට පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව තොරතුරු ලබාගැනීමට කටයුතු කර තිබේද? තිබේනම් ඒ සඳහා ලිඛිත සාක්ෂි ඉදිරිපත් කල හැකිද?

පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවක් ලෙස ඉපලෝගම බලුම්ගලට වූ හානිය සම්බන්දයෙන්,

  1. දැනට පුරාවිද්‍යත්මකව සිදුවූ හානිය කොතරම්ද?
  2. අස්තිමෙන්තුගත හානිවූ වටිනාකම කොතරම්ද ? එය තක්සේරු කරන්නෙ කෙසේද?
  3. මෙය නැවත ප්‍රතිසංස්කරණයට ලක් කරනවාද?
  4. මෙය නැවත ප්‍රතිසංස්කරණය කරනවනම් කොපමන මුදලක් වැයවේද? එය තක්සේරු කරන්නෙ කෙසේද?
  5. ප්‍රතිසංස්කරණය සදහා කෙතරම් කාලයක් ගතවෙද? දැනට ඒ සදහා ප්‍රතිපාදන තිබේද? අරම්භ කරන්නෙ කවදාද?
  6. අපරාධය කල පුද්ගලයන්ගෙන් වැය වන මුදල ලබාගත හැකිද? දැනට ඒ සදහා නිතිමය ප්‍රතිපාදන තිබේද? කුමන නිතියක් යටතෙද එය සිදුකරන්නෙ? අරම්භ කරන්නෙ කවදාද?
  7. අය නොකරනවා නම් එසේ නොකරන්නෙ කවර හේතුවක් නිසාද? රටේ ජනතාවගෙ බදු මුදලින්ද සිදුකරන්නෙ? එක් අපරාද කරුවකු නිසා සමස්ත රටේ ජනතාව වන්දි ගෙවිය යුතුද?

ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථානයකට සිදුකරන අපරාධයක් සම්බන්දයෙන් පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව ලෙස පහත සදහන් අවස්ථාවන්ට වලට සෘජුවම සම්බන්දවිය හැකිද?

  1. යම් අපරාධයක් සිදුවීමට පෙර එම අපරාධය පිලිබදව තොරතුරු ( බුද්ධි ) ලබාගැනිමට ක්‍රමවේදයක් තිබේද? ප්‍රතිපාධන තිබේද? ලබාගන්නා බුද්ධි තොරතුරු වලට අනුව අපරාධකරුවන් අත්ඩංගුවටගෙන නීතිය ඉදිරියට පැමිනවිය හැකිද?
  2. යම් ස්ථානයක් මෙවැනි අපරාධයක් සිදුවන මොහොතේ දැනුවත් වීම සදහා බුද්ධි තොරතුරු ලබාගැනිමට ක්‍රමවේදයක් තිබේද? ප්‍රතිපාධන තිබේද? අපරාධය වන මොහොතේම අපරාධකරුවන් අත්ඩංගුවටගෙන නීතිය ඉදිරියට පැමිනවිය හැකිද?
  3. අපරාධයවූ පසුව හෝ තොරතුරු ලබාගෙන අපරාධකරුවන් අත්ඩංගුවටගෙන නීතිය ඉදිරියට පැමිනවිය හැකිද? ප්‍රතිපාධන තිබේද?

මෙවැනි ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන වලට සිදුවන අපරාධයන් පිළිබද හා අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන එමට තනිව තනි ආයතනයක් ලෙස පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවට තනිව කටයුතු කල නොහැකි නම් පොලිසිය, අන්ඩුව වැනි වෙනත් ආයතනයන්ගෙන් මේ සඳහා සහය ලබාගැනිමට සිදුවේ.

  1. පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව ලෙස මෙවැනි අපරාධයක් සිදුවීමට කලින් හදුනාගෙන එය ආරක්ෂා කරගැනිමට කටයුතු කිරීම කිරීම ඉතා වැදගත්වේ. මෙවැනි ස්ථානයන්ට වලට සිදුවන හානියට පෙරම නවතා ගත හැකිය.
    1. එලෙස පෙර සුදානමක් තිබෙද?
    2. අපරාධයක් සිදුවන බවට තොරතුරු ලබාගැනීමට අනිකුත් ආයතනයන්ගෙන් මේ සඳහා සහය ලබාගන්නේ කෙසේද?
    3. උදහරණයක් ගෙන පියවෙරෙන් පියවර එවනි අවස්ථාවක කටයුතු කරන්නෙ කෙසේද?
    4. මෙලෙස පෙර සුදානමක් නොමැතිනම්, එලෙස සකස් නොකරන්නෙ කුමන කරුනක් නිසාද? එලෙස කටයුතු කර තිබුනේ නම් මෙවනි වටිනා ස්ථානයන් කෙතරම් ප්‍රමානයක් අරක්ෂා කරගැනීමට තිබුනේද?
  2. යම් පිරිසක් හානිකරන බව දැනගත් විට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ලෙස ඊට එරෙහිව කටයුතුකර එම ස්ථානය ආරක්ෂා කරගැනිමට හා හානිය අවම කරගැනීමට කටයුතු කලයුතුය එමෙන්ම අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිනවිම ඉතා වැදගත්වේ.
    1. යම් ස්ථානයක් අපරාධයක් සිදුවන බව හදුනාගැනීමට, තොරතුරු ලබාගැනීමට යම් ක්‍රමවේදයක් තිබේද?
    2. එවැනි අවස්ථාවක තොරතුරු ලබාගැනීමට හා අපරාධය වැටලීමට අනිකුත් ආයතනයන්ගෙන් මේ සඳහා සහය ලබාගැනිමට ක්‍රමවේදයක් තිබේද? පියවරෙන් පියවර ඒ සඳහා කටයුතු කරන්නෙ කෙසේද?
    3. එම අපරාධය නතර කර හාහිය අවම කිරීමට පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව ලෙස සෟජුවම සම්බන්දවිය හැකිද? මේ සඳහා අනිකුත් ආයතනයන්ගෙන් සහය ලබාගැනිමට ක්‍රමයක් තිබේද? පියවරෙන් පියවර ඒ සඳහා කටයුතු කරන්නෙ කෙසේද?
  3. හානිකල පසුව හෝ දැනගත්විට එම අපරධකරුවන් හදුනා ගැනිමට හා නිතිය ඉදිරියට පැමින වීම සදහා කටයුතු කල යුතුවේ.
    1. අපරාධයක් සිදුවූ බවට තොරතුරු ලබාගැනීමට යම් ක්‍රමවේදයක් තිබේද?
    2. අනිකුත් ආයතනයන්ගෙන් අපරාධයක් සිදුවූ බවට දැනුවත් කිරීමට ක්‍රමයක් තිබේද?
    3. එම අපරාධය සිදුකල තැනැත්තන් හදුනාගැනිමට හා මේ සඳහා අනිකුත් ආයතනයන්ගෙන් සහය ලබාගැනිමට ක්‍රමයක් තිබේද? පියවරෙන් පියවර ඒ සඳහා කටයුතු කරන්නෙ කෙසේද?

යම් ප්‍රදේශයක පවතින ඓතිහාසික හා පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන පිළිබදව එම ප්‍රදේශයේ පොලිසිය, ග්‍රාමසේවා කර්යාලය, සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව වැනි ප්‍රාදේශීය ආරක්ෂාව සපයන ආයතන හා ප්‍රදේශි කර්යාලය, නාගර සංවර්ධන අධිකරිය, ප්‍රදේශිය සභාව වැනි ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කරන ආයතන දැනුවත් කිරීම සම්බන්දයේන්,

  1. මේ සදහා යම් ක්‍රමවේදයක් සකසා තිබේද? දැනට එය සක්‍රීයව ක්‍රියාත්මක වේද? එනෙකුත් ආයතන දැනුවත් කිරීම කුමන ආකාරයට ක්‍රියාත්මක වේද?
  2. තම ග්‍රාමසේවා වසම තුල පෞරණික වැදගත්කමක් ඇති ස්ථාන පවතින බව හා එම භූමි වල පිඹුරුපත් ( ඉඩමේ සිතියම ) ග්‍රාමසේවා කර්යාල වලටද පොලිස් බලප්‍රදේශයන්ගෙ පවතින මෙවැනි ස්ථානයන් පිළිබද එම බලප්‍රදේශයන් තුල පවතින පොලිස් ආයතන වලටද ලබදි දැනුවත් කිරීම සදහා වැඩපිළිවලක් තිබේද?
  3. ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇතිස්ථාන පුරාවස්තු විනාශ කරන පුද්ගලයන්ගෙන් හා ආයතන වලින් අරක්ෂා කරගැනීමට හා සංවර්ධන කටයුතු වලදී එම ස්ථානයන් අරක්ෂා වන අයුරින් සංවර්ධන කටයුතු සිදුකිරීමටත් පුරාවිද්‍යත්මක ස්ථාන පවතින බව දැනුවත් වීම අවශ්‍ය වේ.
    1. මෙවැනි ආයතන වලට පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව හරහා දැනුවත් වීමක් ලබාගත හැකි බව ඔවූන් දැනුවත්ද?
    2. දැනුවත් වීමක් ලබාගත හැකි බව ඔවූන් දැනුවත් කිරීමට වැදපිලිවලක් යොදා තිබේද? යම් දැනුවත් වීමක් ලබාගැනිමට ආයතනයක් ක්‍රියකල යුත්තේ කෙසේද?
    3. මේ සදහා ප්‍රචාරන කටයුත්තක් ආයතන් සම්බන්දයෙන් සිදුකරයිද?
    4. පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන පිලිබද යම් ප්‍රදේශයක් මුල් කරගෙන මර්ගෝපදේශක සිතියමක්, වැදගත්කම සදහන්කර පොතක් සකස් කර තිබේද? මෙවැනි ආයතනය සදහා ලබාදීමක් සිදුකර තිබේද? ( එම ප්‍රදේශයේ සිටින නිලදාරීන්ට පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථානයන් අරක්ෂා කරගැනීමට ඉතා පහසු වනු ඇත. )

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පිහිටුවා අදට වසර කියද?

ලංකාව පුරා පවතින පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන දැනට සිතියම් ගතකර තිබේද?

ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන ඇති හෝ නැති බව දැනට අධ්‍යනය කර නැති, හදුනා නොගත් ප්‍රදේශ කෙතරම් ප්‍රමාණයක් තිබේද? එම ප්‍රදේශ සිතියම් ගතකර ඉදිරිපත් කල හැකිද?

මෙම සිතියම් මඟින් පහත සඳහන් දත්තයන් ලබාගත හැකිද?

  1. යම් ස්ථානයක් සංරක්ෂණය කළ වර්ෂය
  2. සංරක්ෂණය කල ස්ථාන
  3. අධි අවදානම් සංරක්ෂණ ස්ථාන
  4. සංරක්ෂණය කරමින් පවතින ස්ථාන
  5. හානියට ලක් වූ ස්ථාන

මෙම සිතියම් යවත්කලීන කරන්නෙ වර්ෂ, මාස කීයකට වරක්ද?

ඉහත ලබාදුන් පිලිතුරු වලට අනුව ඉපලෝගම බලුම්ගල සම්බන්දයෙන්,

  1. මෙම ඉපලෝගම බලුම්ගලට වූ අපරාධය සිදුවීමට පෙර හදුනාගැනීමට අපෝහෝසත් වූයේ මන්ද?
  2. මෙම අපරාධය සිදුවීමට පෙර අපරාධය වලක්වීමට අදාල ආයතන වලින් සහය ලබාගැනීමට නොහැකි වූයේ මන්ද?
  3. මෙවැනි අපරාධයක් සිදුවන මොහොතේ හෝ සිදුවන බවට හා එය වලක්වාගැනිමට අපෝහෝසත් වූයේ මන්ද?
  4. මෙවන් අපරාධයක් සිදුවන මොහොතේ අදාල ආයතන වලින් සහය ලබාගැනීමට නොහැකි වූයේ මන්ද?
  5. මුල්ගල් තබා ප්‍රසිද්දියේ විවෘත කල පසුව හෝ අපරාධක් වූ බවට හදුනාගැනීමට අපෝහෝසත් වූයේ මන්ද?
  6. අදාල ආයතන වලින් දැනුවත් වීම සඳහා සහය ලබාගැනීමට නොහැකි වූයේ මන්ද?
  7. මෙම අපරාධය කල ආයතනයන්ව පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් පෙර මෙම ස්ථානය පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථානයක් බව දැනුවත් කර තිබුනේද?
  8. අවම තරමින් මෙම ස්ථානය පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථානයක්ද නැද්ද යන්න පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව හරහා විමසා දැනගත හැකිබව දැනුවත් කර තිබුනේද? දැනුවත් වීමක් තිබුනේද?

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් යම් ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්ක් ඇති ස්ථානයක් හදුනාගෙන සංරක්ෂණය කල පසු,

  1. එම ස්ථානය සංරක්ෂණය සදහා නිවැරදි පියවරයන් අනුගමනය කල ඇද්ද? දත්ත වර්ථාවන් නිවැරදි ආකාරයට සපයා ඇද්ද? යන්න සොයා බැලීමක් කරනවද?
  2. සංරක්ෂණය සදාකලයටම පවතින්නේ නැත. සංරක්ෂණ පියවරයන්ද ක්‍රමයෙන් පරිහානියට පත්වෙයි. මේ හේතුවෙන් නිරන්තරයෙන් සොයා බලීමට සිදුවෙයි. මේ සදහා නිලදාරීන් යොදවා යම් ක්‍රමවේදයක් සකසා තිබේද? සංරක්ෂණ භූමි වල දැනට පවතින තත්වය පිලිබදව දත්ත වර්ථාවන් ලබාගන්නේද?

ඉපලෝගම බලුම්ගල ඓතිහාසික හා පුරාවිද්‍ය භූමිය සදහා මෙය මඟහැරුනේ කෙසේද? අවසාන වතාවට ඉපලෝගම බලුම්ගල භූමිය තුල සංරක්ෂණය සිදු කලේ කවදාද? එහි තත්වය පිළිබදව සොයා බැලීමක් කලේ කවදාද?

ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථානයකට සිදුවන අපරාධයකදී නිලදාරියකු මෙවැනි අපරාධයක් සිදුකලවිට දඩුවම් ලෙස ලැබෙන්වේ ස්ථාන මරුවක් පමනක් සිදුකර මෙම සිදුවීම යටගැසීමත් සිවිල් පුරවසියකු මෙවැනි අපරාධයක් සිදුකලවිට අත්අඩංගුවට ගෙන ඇති චොදනා යටතේ නඩු පැවරීමත් ලෙස රාජ්‍ය නිලදාරියකුට වෙනත් ආකාරයටත් සිවිල් පුරවසියකුට තවත් ආකාරයකටත් ලෙසන් රටේ නිතිය දෙයාකාරයෙන් ක්‍රියත්මක වන්නේද?

එලෙසම නිදන් සොරුන් වැනි අපරාධකරුවන් අතින් පමනක් මෙවැනි ජාතික අපරාධ කරන බව අතීතයෙදි අසන්නට ලබුනේ. වඩා කනගටුදායක කාරනය අද වෙන විට රාජ්‍ය ආයතන, අන්ඩුව විසින්ම මෙවැනි මාහාපරිමණ ජතික අපරාධ සිදුකිරීමයි. තවත් වවාත්ම කනගටුවට කරුන තමන්ම වැරදි කර, එම වැරැද්දට තමා විසින්ම චෝදනා කරගෙන, තමන් විසින්ම වැරදිකරුවන් තීරණය කර, තමන්ටම දඩුවම් කර සිදුවීම යටගැසීමයි.

යම් රාජ්‍ය ආයතනයක් විසින් සිදුකරනුලබන මෙවැවි අපරාධයකදී ඊට එරෙහිව කටයුතු කිරීමේදි පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවට ගතහැකි ක්‍රියාමර්ග, අනුගමනය කලහැකි ක්‍රමවේදය පැහැදිලිකළ හැකිද?
එම ක්‍රියාමර්ග පෞද්ගලිකව යම් ආයතනයක් හෝ පුද්ගලයන් විසින් සිදුකරන අවස්ථාවකට වඩා වෙනස් වේද?

අපරාධය සිදුවීමට පෙර, අපරාධය සිදුවන විට හා ඉන් පසුව අපරාධකරුවන් අත්ඩංගුවට ගත්විට නීතිය ක්‍රියත්මක වන විට,

  1. නීතිය ඉදිරියට පමිනවීමට කටයුතු කරන්නෙ කෙසේද? පොලිසිය, අධිකරනයෙන් සහයෝගය ලබාගන්නෙ කෙසේද?
  2. නීතිමය තත්වයන් කෙසේද? අවස්ථා තුනේදි වෙන්ස්කම් තිබේද? තිබේ නම් එවා මොනවාද?
  3. කුමන නීතියක් යටතේද කටයුතුකරන්නෙ? නඩු කරන්නෙ කෙසේද?
  4. අපරාධකරුවන්ට එරේහිව අපරාධ නඩුව ගොනුකිරීමෙදි පොලිසියට සහය වන්නේ කෙසේද? ( අපරාධයේ තොරතුරු ලබාදීමේදී, නඩුව ඉදිරියට ගමන් කිරීමෙදි )

යම් ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති භූමියක් තුල සිදුකර සංවර්ධන කටයුත්තකදී පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවසරයක් අවශ්‍යවේද? එය රාජ්‍ය ආයතනයක් හෝ නිලදාරීන් අතින් කිරීමේදී හා පෞද්ගලික ආයතනයක් හෝ පුද්ගලයන් අතින් කිරීමේදී අවසරය හෝ ක්‍රරමවේදයේ වෙනසක් තිබේද?
මෙවැනි වැදගත්කමක් ඇති භූමියක් තුල සිදුකර සංවර්ධන කටයුත්තකදී බලපනු ලබන නීතිය කුමක්ද?

  1. ඉපලෝගම බලුම්ගල ඓතිහාසික හා පුරාවිද්‍ය භූමිය තුල සිදුකරනු ලබූ සංවර්ධන කටයුත්තේදී පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පෙර අවසරයක් ලබාගෙන තිබේද? ඒ සදහා යම් සක්ෂි ඉදිරිපත් කලහැකිද?
  2. මෙම භූමිය තුල සිදුකර ඇත්තෙ පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවට අනුව අනවසර ක්‍රියාවක්ද?

ඉපලෝගම බලුම්ගලට වූ අපරාධය සම්බන්දයෙන් කටයුතු කර ඇති ආකාරය හා දැනට පවතින තත්වය කුමක්ද?

  1. අපරාධකරුවන් හඳුනාගැනීමට හා ඔවූන් නීතිය ඉදිරියට පමිනවීමට කටයුතු කර තිබේද?
  2. මෙම අපරාධයට නිලදාරීන්ගෙ සම්බන්දයක් හෝ සහබාගිත්වයක් තිබෙන බවට හදුනගෙන ඇද්ද?
  3. එසේ නොවේ නම් කවුරුන් විසින් කුමන ආකාරයට මෙම අපරාධය සිදුකලේද?
  4. සම්බන්දතාවයක් ඇත්නම් තමත් එම නිලදාරින් නිදැල්ලෙ සිටින්නේ මන්ද?
  5. කුමන නිලදාරින් අතින් අපරාධය සිදුකල බවට හදුනාගෙන ඇද්ද?
  6. නීතිය මගින් එම නිලදාරින්ට අරෙහිව කටයුතු කර ඇද්ද?
  7. එම නිලදාරින්ට එරේහිව කටයුතු කරන්නෙ කෙසේද?

ආයතනයක් ලෙස පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව ඉපලෝගම බලුම්ගලට වූ අපරාධය සම්බන්දයෙන් කර්යක්ෂමව කටයුතු කර තිබේද?

  1. පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවට වර්ථාවන පරිදි මෙම අපරාධය සිදුකල දිනය කවදාද?
  2. පපුරවිද්‍යා දෙපාර්තුමේන්තුවට මෙම අපරාධය පිලිබදව වර්ථාවූයේ ( තොරතුරු ) කවදාද? ලිඛිත සක්ෂි ඉදිරිපත් කල හැකිද? ප්‍රදේශ වාසීන් හෝ වෙනත් පර්ශවයක් විසින් පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුවත් කලෙද?
  3. පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව අපරාධය පිලිබදව වර්ථාවූ පසුව පලමුවරට එම ස්ථානයට ගොස් පරික්ෂාවක් කලේ කවදාද? ඒ සදහා යම් සක්ෂි ඉදිරිපත් කල හැකිද? මේ සදහා සහභගී වූ නිලදාරීන් සංඛ්‍යාව හා ඔවුන්ගේ නනතුරු ( නිලතල ) මොනවාද? ( මෙහිදී අනන්‍යතාවය අවශ්‍ය නොවේ )
  4. මෙම අපරාධය සම්බන්දයෙන් දැනුවත්වීමෙන් අනතුරුව පොලිසියට පමිණිල්ලක් කර තිබේද? පමිණිල ඉදිරිපත් කලේ කවදාද? පමිණිල කල බවට ලිඛිත සක්ෂි ඉදිරිපත් කල හැකිද?

අපරාධයක් වූ බවට සාක්ෂි තිබේ නම්, අපරාධය සිදුකල තැනැත්තන් හා ආයතන හදුනාගත හැකි නම් ඉතා පහසුවෙන්ම පොලිසියට කරන පමිණිල්ලේදී සෘජුවම අපරාධකරුවන්ට චෝදනා කලහැකිය.

  1. හානිය සිදුකිරිමට යන්ත්‍ර ( බැකෝ ) ක්‍රියා කල තැනැත්තන්
  2. එම යන්ත්‍ර වල හිමිකරුවන්
  3. එම කොන්ත්‍රාත්තුව ලබාදුන් රාජ්‍ය නිලදාරීන්
  4. එම කොන්ත්‍රාත්තුව ලබාදුන් රාජ්‍ය නිලදාරීන්
  5. මෙම සංවර්ධන ව්‍යාපෘතිය භාරව සිටි නිලදාරීන්, පරිපාලන නිලදාරීන්
  6. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදුකල අමාත්‍යශ නිලදාරීන්
  7. අදාල ඇමතිවරය

මෙම පාර්ශවයන් පහසුවෙන් හදුනාගත හැකිව තිබෙද්දී වගකිවයුතු රාජ්‍ය ආයතනයක් ලෙස පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව චෝදන කලෙ කුමන මින් පාර්ශවයන් වෙතද?

යම් පුරාවිද්‍ය භූමියක සිදුවන අපරාධයක් සම්බන්දයෙන් පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව පොලිසිය දනුවත් කලද, පමිණිලි කලද මේ සම්බන්දයෙන් නිසි ක්‍රියාමර්ග නොගෙන මඟහරීනම්, අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරයි නම්, අපරාධය තවදුරටත් වීමට ඉඩ හරීනම් පොලිස් නිලදාරින් අතින් සිදු වී අත්තේ අපරධයකි, නීතිවිරෝධි ක්‍රියාවකි, සාපරදී ක්‍රියවකි. මෙවැනි නිලදාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවට නඩු පැවරීමට නීතිමය ප්‍රතිපාදන තිබේද? ඒ සදහා කටයුතු කල හැකිද?
ඒ සදහා පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවට කටයුතු කල නොහැකිනම් මෙවන් අවස්ථාවක කටයුතු කලහැකි ආයතනය කුමක්ද?

ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන සම්බන්දයෙන් වැඩිම වගකීමක් බැදීමක් ඇත්තේ පුරවිද්‍යා දෙපාර්තුමේන්තුවටවේ. සිවිල් පුරවැසියන්ගෙන් අයකරගන්න බදු මුදලින් වේතනයක් ලබා දෙන්නේද මේ හෙයිනී. සිවිල් පුරවැසියන්ගෙන් ලෙස අපටද ප්‍රශ්න කිරීමට යුතුකමක් ඇත. ඉහත සදහන් ප්‍රශ්න කිරීම් වලට පිලිතුරු බලපොරොත්තුවනුයේ පුරවිද්‍යා දෙපාර්තුමේන්තුව ලෙස එම පර්ශවයෙන් ඉදිරිපත් වෙමිනි. පොලිසිය හෝ අධිකරන කටයුත්තක් ලෙස සලකා කිසිදු ඉහත සඳහන් ප්‍රශ්නකිරීමක් මඟහැරිය නොහැකිය.

කතෘභාවයට හානිනොකර මෙම ලිපියට කරුනු එකතු කිරීමට, සංස්කරණය කිරීමට, වෙනත් භාෂාවකට පරිවර්ථනය කිරීමට හා ඔනෑම මධ්‍ය තුල පලකිරීමට පූර්ණ අවසරය මෙමඟින් හිමිවේ. එලෙස පලකරන ලිපි සම්බන්ධයෙන් මාගේ දැනුවත්භාවයකින් තොරව පලවන හේයින් මගේ වගකීමක් හෝ හිමිකමක් හෝ එම ලිපි සඳහා නොමැත.

asked 4 months,13 days ago

What is the codrate ?

codrate.com is a standard, fast cross browsing and highly versatile site. It is useful for many large number of Program Development Industries. So you can get support form Codrators , who are the codrate's joiners around world to help your program developments, You can answer other codrator's questions. Communicate with them. Share your knowledge with them. Do you have an interest in programming, So publish your articles about programming. It will help to maintain your professional co-profile. Actually codrate.com is not such as a regular web site. It will be gave new experience, best narrow cross-browser view, reduce processing time to receive browsing request, it's mean do not wasting your time to browsing codrate's web pages because it has been upgrade always modern coding ways. So, what do you waiting for ?. Try your own.

Copyright 2015 Pride - Company. Design by Esila