බුදු හිමියන්හට ශ්‍රී ලාංකිකයන් ලෙස නිසි ගෞරවය ලබා දෙන්නේද?

Votes : 5
220

ඔබ මහපරේ ගමන් කරනවිට කෙතරම් අවධනයෙන් ගමන්කරනවා දැයි කියා ඔබම විශ්වාස කරනවද?
පාර අසන්නයේ තාප්ප මත, විදුලි කනු මත, ගස් මත, කුඩාවට සකස් කරන ලද මඩුවල, පන්සලක් ආසන්නයේ බුදු පිළිම වහන්සේලා තැම්පත් කර තිබෙනු ඔබ දැක තිබේද?
මෙම පිළිම වහන්සේලා පලුදුවීම නිසා හෝ පිළිම වහන්සේලාගේ සිරස හෝ පිළිම කොටසක් බිදීයාම නිසා හෝ පිළිම වහන්සේලා පලුදුවීම නිසා මෙලෙස මහමඟ දමායාමට හේතුව වේ.

මෙලෙස මහමඟ දමායාම නිසා,
  • අදික හිරු එළිය නිසා පිළිම වහන්සේලාගේ පැහැය පිච්චෙයි.
  • වර්ෂාව නිසා ඛාදනයවේ.
  • වර්ෂාවෙන් ඇතිවන තෙතමනය නිසා පිළිම වහන්සේලාගේ අලේපකරන ලද තින්ත හේතුවෙන් පුස් ඇතිවිම, දිය සෙවල බැදීම සිදුවේ.
  • බලලුන්, මීයන්, කපුටන්ගේ ක්‍රියාකරකම් හේතුවෙන් බිමට වැටීම නිසා බිදීයයි.
මේ හේතුවෙන් මෙම පිළිම වහන්සේලා තවදුරටත් විකෘතිවී විනශවේ.

සංසාරයේ නැවත නැවත ඉපිදී මෙන් දුක්විදින මනුස්සයන් ඇතුලු සත්වයන්ට අපිරිමිත කරුණාවෙන් ලොක සත්‍ය අවබෝධ කර දේශනා කළ හෙයින් බුදුන්ට කරන ගෞරවයක් ලෙස සංකේතාත්මකව ජීවමාන බුදුවරයකුට සමානවම ඉමහත් සැලකිල්ලෙන් ගෞරවයෙන් උන්වහන්සේ උදෙසා නිමවපු අනුරුවකට ( බුදු පිළිම වහන්සේ නමකට ) පුදකිරීම බෞද්ධයන් විසින් ශ්‍රද්ධාවෙන් යුතුව සිදුකරයි. බෞද්ධයකුට තම මවට හෝ පියට වඩා යමෙකුට ගෞරවයක් ඇත්නම් ඒ බුදුන්ටමය. උන්වහන්සේ උදේසාම පිළියෙල කර ඇති දෑට මෙතරම්ම ඉමහත් ගෞරව සත්කාර පුදකරනුයේ මේ හේතුවෙනි.
නමුත් මෙම මහමඟ දමායන පිළිම වහන්සේලාට මෙලෙස නිසි ගෞරවය, සැලකිල්ල ලැබෙනවා දැයි ඔබ මොහොතක් සිතා බලන්න?
මෙම මහමඟ දමායන බුදු පිළිම වහන්සේලාද බුදුන් වෙනුවෙන් නිමකරන ලද පිළිම වහන්සේලා නොවන්නේද?

මෙලෙස මහමඟ පිළිම වහන්සේලා විනාශවීමට ඉඩ හැරීම බුදුනට, ධර්මය කරන අගෞරවක්, ගුණමකුකමක් බව නොතේරෙන තරමටම, නොපෙන තරමටම ගිහි පවිදි ශ්‍රී ලාංකිකයන් කෙතරම් සබුද්දිකද? ධර්මය පිළිබඳා මනා වැටහිමක් ඇති අයවලුන්වේද? මහාමර්ඟයේ ගමන් කරනවිට මෙම අකටයුතුකම් නොපෙනෙන තරමටම කෙතරම් අවදානයකින් ශ්‍රී ලංකිකයන් කටයුතු කරන්නේද?
කෙතරම් කැපවීමෙන් යතිවරයානන් වහන්සේලා ධර්මය ප්‍රචාරක කටයුතු සදහා පන්සලෙන් බැහැරට ගමෙන් ගමට වැඩම කරන්නේද? , මෙලෙස වැඩම කිරීමෙදි මෙබදු අකටයුතුකම් නොපෙනෙන තරමේ ස්වභාවයෙන්ම අවබෝධ කරගත නොහැකිවන්නේද?
මෙලෙස කටයුතු කරමින් අන්‍ය ආගමිකයන්ට කෙතරම්දුරට අප බෞද්ධයන් ලෙස ආදර්ශමත් වන්නේද? අප විසින්ම සිදුකරන නොපනත්කම් දැකීමෙන් ඔවුන්ට අප කෙරෙහි පැහැදීමක් ඇති වේවිද? ඔබම මොහොතක් සිතා බලන්න.

මෙලෙස බුදු පිළිම වහන්සේලා විනාශ වීමට ඉඩහැරීම කෙතරම් නින්දිතකමක්ද? අප විසින්ම මෙලෙස බුදු පිළිම වහන්සේලා විනාශවීමට ඉඩහරී නම් අන්‍ය ආගමිකයන් අප කෙරෙහි කෙලෙස සිතාවිද? මෙලෙස අගෞරව කිරීම දෛනිකව මහමඟ ගමන් කරන ඔවුන්ට නොපෙනේ යයි ඔබ සිතන්නේද?
කට වචනයෙන් පමණක් ඉමහත් ගෞරවය ලබාදී අප විසින්ම බුදුන්ගේ කැපකිරීම මෙලෙස හෑල්ලුවට ලක්කරයි නම් ඔවූන් අප කෙරෙහි අවඥ සහගතව නොබලාවි යැයි ඔබ සිතන්නේද?
මෙලෙස සිදුවීම ලැජ්ජාවට කරුණක් නොවේද?

බෞද්ධ කටයුතු සම්බන්දයෙන් ක්‍රියත්මකවන, සොයා බලන ලාංකිකයන්ගේ බදු මුදලින් ක්‍රියාත්මකවන ආයතනයවන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව වේ. එලෙසම නොයෙකුත් වරාදාන, වරාප්‍රසාද ලබාදෙමින් බුද්දසාසන කටයුතු භාර ඇමතිවරයකු මෙන්ම ඔහුට හෝ ඇයට කටයුතු කිරීම සදහා බුද්දසාසන කටයුතු අමත්‍යංශයකුත් පුරවැසියන්ගේ බදු මුදල් වියදම් කර නඩත්තු කරයි. නමුත් මෙම ආයතනයන්ට හෝ නිලදාරීන්ට මෙවැනි අකටයුතුකම් කිසි දිනක වර්ථා වී නොමැතිද? සොයා බැලීමක්වත් සිදුකර තිබේද? මෙම කිසිදු නිලදාරියකු ගමන් කිරීමට මෙරට මර්ගයක්වත් කිසි දිනක භවිතා කර නොමැතිද? මෙවැනි අකටයුත්තක් වත් සිදුවන බව හඳුනාගෙන ඊට පිළියම් යෙදීමටවත් අවබෝධයක් නොමැති නම්, වගකීම් හා යුතුකම් මෙලෙස පැහැරහරීනම් විශාල ධනස්කන්දයක් පුරවැසියන්ගේ බදු මුදලින් වැය කර තවදුරටත් පවත්වාගෙන යන්නේ කුමන ප්‍රයෝජනයක් ලැබෙන නිසාද?

ගෞරවය ලැබියයුතු දෑ සදහා අගෞරව කරමින්, අගෞරව කලයුතු දෑ සදහා ගෞරවය ලබාදේ නම් එවැනි සමාජයක අනාගතය කෙබදුවේද?
කෙතරම් උගත් භික්ෂූන්වහන්සේලා අපේ රටේ සිටීද? ප්‍රධාන නිකායන් තුනකට අදාල නායක ස්වාමින්වහන්සේලා තෙනම ඇතුලු එම නිකායවල ඉහල තනතුරු හොබවන විශාල භික්ෂූන්වහන්සේලා ප්‍රමාණයක් සිටිනවා නොවෙද?
මෙලෙස වගකීමක් දරන සංඝ පිතෘන්වහන්සෙලා සිටියදීම උන්වහන්සේලගේ නොසැලකිලිමත්කම, අනවබෝධය නිසාම මෙවැනි මහා විනාශයක් අස්පනාපිටම සිදුවීම රටජාතියේ අවාසනාව නොවෙද?

අපේ රටේ කෙතරම් මධ්‍ය ආයතන සංඛ්‍යාවක් තිබේද? ප්‍රාදේශීය මධ්‍යවේදීන් සංඛ්‍යාවක් සිටීද? ඔවූන්ගේ මධ්‍ය අසට මෙම කාරණය අසු නොවූයේ කුමනකරුනක් නිසාද?
මෙයින් පෙනෙනුයේ මෙරට මධ්‍යවේදීන් හට කෙතරම්දුරට ධර්මය, සංස්කෘතිය, සාරධර්ම පිළිබද අවබෝදයක්, වැටහීමක් තිබෙන බව නොවේද?

මේ සදහා පිළියමක් ලෙස කුමක් කල හැකිද?

  1. යම් නිවසක මෙලෙස බිදුනු පිළිම වහන්සේනමක් ඇත්නම් මහමඟ දමන්නේ නැතිව ලඟම පිහිටි පන්සලකට ගෙනත් දෙනමෙන් ජනතාව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සැකසීම. ඒ අනුව ක්‍රියාත්මක වීම.
  2. පොලිසිය, හමුදා සෙබලුන්, ග්‍රමසේවා, සිවිල් ආරක්ෂක හෝ වෙනත් ආයතනවල නිලදාරීන්, පසල් දරුවන්, ගුරුවරු මෙවැනි අය මහමඟ ඇති මෙවැනි පිළිම වහන්සේලා දුටු විට ලඟම ඇති පන්සලකට රැගෙනවිත් භාරදෙන ලෙසට ආයතනයෙන් ආයතනය දැනුවත් කිරීමට විදිමත් ක්‍රමවේදයක් සකසා ගැනීම. ඔවූන්ගේ සහය ලබාගැනීමට කටයුතුකිරීම.
  3. මෙම ලැබෙන පිළිම වහන්සේලා නිසි ගෞරවයක් සහිතව සුරක්ෂිතව නැන්පත් කිරීමට පන්සල තුල ස්ථානයක් සකසා ගැනීම.
  4. මෙලෙස එකතුවන පිළිම වහන්සේලා එක නැනකට ගෙන්වා ගැනීමට වැඩපිළිවලක් සකසා ගැනීම.
  5. එකතුකරගත් මෙම පිළිම වහන්සේලා කඩිනමින් නැවත පිළිසකර කරගැනීමට කටයුතු කිරීම.
  6. මෙම පිළිසකර කරනලද පිළිම වහන්සේලා ගෞරවක්, ආරක්ෂාවක් ලැබෙන, වැදුම් පිදුම් කළහැකි ලෙස ස්ථානයක ( පේදුරු තුදුව හා දෙවුන්දර තුදුව - ලංකාවේ දෙකෙලවර ) තැන්පත් කිරීමට කටයුතු කිරීම.
  7. ඉහත යාන්ත්‍රනය නිවැරදි ආකාරය සිදුවන බවට සොයා බැලීමට ඒ සඳහා නෛතිකව වගකීමක් බාරගත හැකි නිලදාරියකු මඟින් කටයුතු කිරීම.
  8. ප්‍රයෝගිකව ක්‍රියාකරි, විනයක් හේබි නිලදාරීන් ලෙස පොලිසිය, යුද හමුදා, සිවිල් ආරක්ෂක නිලදාරීන්ට හා ආයතන වලට අනිකුත් පුද්ගලයන්ට ආදර්ශයක් වෙමින් විශාල කර්යයක් මෙහිදී සිදුකල හැකිය.
  9. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනාගතයේදී මේ රට භාර ගැනීමට සිටින අයවලුන් ලෙස යහපත් ගුණධර්ම, සාරධර්ම පිළිබද අවබෝදයක් ලබාසිටීම, කටයුතුකිරීමට ඉගෙන ගැනීම අනාගතයේදීවත් අපේ රටට යහපත් වේ. විදුහල්පතිවරු හා ගුරු දෙගුරුන්ගේ අධීක්ෂණය යටතේ දරුවන් විසින් මෙහෙයවමින් පාසල අවට ඇති මෙවැනි බුදු පිළිමවහන්සේලාට නිසි ගෞරවය ලබාදිය යුත්තේ කෙසේදැයි අවබෝදයක් ලබාදිම අනාගතයේදීවත් මෙවැනි අපරාධ වීම වලක්වා ගත හැකිය.
  10. මාධ්‍ය වේදීන් හා මාධ්‍ය ආයතන වලට ජනතාව දැනුවත් කිරීමදී විශාල කර්යයක් කලහැකිය. ජනතාව දැනුවත් කිරීමත් , මෙවැනි බුදු පිළිමවහන්සේලාට සුදුසු වැඩපිළිවලක් යෙදීමටත් අවශ්‍ය කටයුතු සිදුකල හැකිය. මහජන බදු මුදලින් යැපෙන රාජ්‍ය නිලදාරීන් හා ආන්ඩුව මේ සදහා සුදුසු වැඩපිළිවලක් යොදවනේ දැයි සොයා බැලීම, සාමාජීය වශයෙන් ඒ සදහා බලපෑමක් ඇති කිරීමටත් හැකියාවක් ඇත.
  11. සමාජ ජාල ක්‍රියාකරී තරුණ කොටස්, ස්වේච්චා සංවිධාන වලට ජනතාව දැනුවත් කිරීමත්, කටයුතු කිරීමට වැඩපිළිවක් සංවිධානාත්මකව නිර්මාණය කළහැක.
  12. කලාකරුවන්ට, ක්‍රිඩකයන්ට තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන, සහයෝගය ලබාදෙන ප්‍රේක්ශකයන්ව යහපත් මාර්ගයේ යැවීමට විශාල වගකීමක්, යුතුකමක් ඇත. යමෙකුට බුදුන්ට නිසි ගෞරවය ලබා දියයුත්තේ ඇයිද හා ලබා දෙන්නේ කෙසේද යන්න අවබෝදයක් ලබාදීමට හැකි නම් මනුස්‍යයෙක් හැටියට කල හැකි විශලම කුසල කර්මය වේ.
  13. භික්ෂූන්වහන්සේලාට ඉහත සදහන් කල පිරිසට අර්ථයෙන්, ධර්මයෙන් සහය වෙමින් මේ සදහා නායකත්වය, මුලිකත්වය ගෙන කටයුතු කළහැකිය.

කතෘභාවයට හානිනොකර මෙම ලිපියට කරුනු එකතු කිරීමට, සංස්කරණය කිරීමට, වෙනත් භාෂාවකට පරිවර්ථනය කිරීමට හා ඔනෑම මධ්‍ය තුල පලකිරීමට පූර්ණ අවසරය මෙමඟින් හිමිවේ. එලෙස පලකරන ලිපි සම්බන්ධයෙන් මාගේ දැනුවත්භාවයකින් තොරව පලවන හේයින් මගේ වගකීමක් හෝ හිමිකමක් හෝ එම ලිපි සඳහා නොමැත.

asked 4 months,13 days ago

What is the codrate ?

codrate.com is a standard, fast cross browsing and highly versatile site. It is useful for many large number of Program Development Industries. So you can get support form Codrators , who are the codrate's joiners around world to help your program developments, You can answer other codrator's questions. Communicate with them. Share your knowledge with them. Do you have an interest in programming, So publish your articles about programming. It will help to maintain your professional co-profile. Actually codrate.com is not such as a regular web site. It will be gave new experience, best narrow cross-browser view, reduce processing time to receive browsing request, it's mean do not wasting your time to browsing codrate's web pages because it has been upgrade always modern coding ways. So, what do you waiting for ?. Try your own.

Copyright 2015 Pride - Company. Design by Esila