පන්සලකට පමිණෙන කවර හෝ ශ්‍රාද්ධාවන්තයකුගෙන් මුදල් අය කරුනු ලබනවාද?

Votes : 4
314

ආනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකිකයන් තමන්ගෙ අධ්‍යාත්මික ගුණයන් ( සිරිත් විරිත්, ගුණධර්මයන්, සාරධර්මයන් ) වැඩිදියුණු කරගැනීමට පන්සල මුලික කරගෙන යහපත්, සැදැහැවත් පුරවසියන් ලෙස කටයුතු කළෝය. අද වනවිටත් පවතින බොහෝ පන්සල් වලට දිගු ඉතිහසයක් පවතින්නේ මේ හේතුවෙනී. මෙවායේ පෞරාණික බව නිසාම මෙවායේ පුරාවිද්‍යාතමක වටිනාකමද ඉහල වේ.
මෙම පුරාවිද්‍යාතමක වටිනාකම නිසාම විදෙස් සංචාරකයන් මෙරටට ඇද ගැනීමටද වෙළද උපායක් ලෙස භාවිතා කිරීමටද හේතුවක් වේ.

යම් යම් අවස්ථාවල සංචාරකයන් ගෙන්වාගැනීමට මෙන්ම ඔවුන් හරහා මුදල් ඉපයිමටද කලයුතු මෙන්ම නොකළයුතු දේද අඩුවක් නොමැතිව වනබව පෙනෙන්නට තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව හෝ පන්සල භාරකරිත්වය ඇති යම් පර්ශවයක් විසින් සමහර ඓතිහාසික පුරාවිද්‍යාතමක වැදගත්කමක් ඇති සමහර පන්සල් නැරඹීමෙදී පන්සල නැරඹීමට ප්‍රවේශ ගාස්තු ලෙස යම් මුදලක් ප්‍රවේශ ( ටිකට් ) පතක් ලබාගැනීම සිදු කරයිද?

  1. පන්සල නැරඹීමට ප්‍රවේශ ගාස්තු ලෙස ප්‍රවේශ පතකින් හෝ පන්සල තුල පිංකැට මඟින් මුදල් ඉපයිම සිදු කරයිද?
  2. එවැනි පන්සල් දිවයින පුරා කෙතරම් ප්‍රමාණයක් තිබේද?
මෙලෙස පන්සල තුලින් මුදල් ඉපයිමට ගියවිට,
  1. මෙලෙස ඉපයිමට පන්සලකට ඇති අවශ්‍යතාවය කුමක්ද?
  2. කුමක් සදහාද මෙලෙස මුදල් උපයන්නෙද?
  3. මෙලෙස කෙතරම් ප්‍රමාණයක් උපයනවද?
  4. යම් යම් අවස්ථාවල විශල මුදලක් වියදම් කරමින් නස්ති කරනු පෙනෙන්නට තිබේ. මෙලෙස විශල මුදලක් වියදම් කරන්නට මුදල් තිබුනත් බොහෝ පන්සල් හා එහි වැඩ වෙසෙන භික්ෂූන්වහන්සේලා දුෂ්කරතාවයන්ට පත්වන්නේ කුමක නිසාද?
  5. මෙලෙස විශල මුදලක් වියදම් කිරීම අත්‍යාවශ්‍යද?
  6. සැබෑවටම පන්සලක සංවර්ධනය යනු කුමක්ද?
  7. කෙතරම වියදම කර පන්සල භෞතිකව ගොඩනැගුවත්, විශල මුදලක් වියදම් කරමින් ආමිස පුජාවන් සිදු කලත් පන්සලට අල්ලපු වැටේ සිටින කුඩා දරුවකුගෙන් ත්‍රිපිටකය කුමක් දැයි ඇසුවිට පිලිතුර නොදැන මුහුන දිහා බලාසිටී නම් භෞතික සංවර්ධනයෙන් හෝ ආමිස පුජාවන්ගෙන් පමණක් ඇති ඵලය කුමක්ද?
  8. ප්‍රතිපත්ති පුජාවට යොමු වීම පිණිස ආමිස පුජාවේ යෙදීම හැර ආමිස පුජාව ප්‍රතිපත්ති පුජාවෙන් යටපත්වේ නම් නිර්මල බුදු දහමේ ඇති ඵලය කුමක්ද?
  9. මෙලෙස ඉපයිමෙන් බලාපොරොත්තු වූ කාර්යයන් වලට නිසියාකරයෙන් මෙම උපයාගත් මුදල ලබාදී තිබේද?
  10. මෙලෙස උපයාගත් මුදල් අනිසි භාවිතයට ගෙන තිබේද?
  11. පන්සලකින් මෙලෙස ඉපයිමට අවශ්‍යද?
  12. බුදු දහමට කෙතරම්දුරට කැපද?
  13. පන්සල පෝෂණය කිරීමට මුදල් උපයයි නම් දහමේ ඇති සරලකම මෙවැනි ස්ථානයකදි ශ්‍රාද්ධාවෙන් අවබෝධකරගන්නේ කෙසේද?
ගිහියන් හට සාධරණ සැකයක් ඇතිවිය හැකිය. මේ හේතුවෙන් මෙවැනි ගැටලුවලට මුහුණ දීමට භික්ෂූන්වහන්සේලා පිලිතුරු සොයා ගත නොවෙද?

බෞද්ධයන් ලෙස දානය දීම යනු කුමක්ද? බොහෝ ගිහියන් දානයක් සිදු කරමින් අදහස් කරනුයේ මතු භවය වෙනුවෙන් පිං එකතු කරගැනීමටය?
මෙය පැහැදිලි කරගැනීමට මේ සඳහා ජනවහරේ එන කථාවක් උදහරණයක් ගෙන බලමු. එක්තරා රජ කෙනෙකු ඉදිරියේ ශිල්පියකු කඩුවක් ගිල දස්කම් පෙන්නනවිට මේ පිළිබදව පැහැදුනු රජතුමා ඇමතිවරයකු ළඟට ලංවී කොතරම් අසීරු කටයුත්තක්ද මේ තැනැත්තක් සිදුකලෙ. සාමාන්‍ය පුද්ගලයකුට ලෙහෙසියෙන් කඩුවක් ගිලිනවා තියා හිතන්නවත් පුලුවන් දෙයක්ද මේ කලේ. රජතුමා ඇමතිවරයට කිවූවා. එවිට අර ඇමතිවරයා රජතුමාගෙ කනට කරල කියන්ව. රජතුමනි ඔකත් අසීරු කටයුත්තක්ද? ඔකතත් වඩා අසීරු කටයුත්තක් තියනවා කරනවා නම් කරන්න. රජතුමාට දන් පුදුමයි. පුද්ගලයකු කඩුවක් ගිලිනවාටත් වඩා අසීරු කටයුත්තක් තියනවද කරන්න? ඇමතිවරයා ගෙන රජතුමා අහුවා. ඔව් රජතුමනි යම් පුද්ගලයකු දන් දෙන්න හිතන අකම කඩුවක් ගිලිනවාට වඩා ගොඩක් අමරු දෙයක් කියල ඇමතිවරයා පැවසුව. එම සංවාධය අසා සිටි තවත් ඇමතිවරයකු කනට කරලා රජතුමනි ඔය දෙකටම වඩා අමරු තව දෙයක් තියනවා කරනවා නම් කරන්න කියලා. දන් දෙන්න හිතෙන්නත්, හිතන්නත් පුලුවන්. නමුත් දන් දෙන්න හිතුනත් දන් දෙන එක ඊට වඩා අමරුයි කියා පවසුවා. තවත් ඇමතිවරයකු ඔය කථාවත් අහන් ඉදල කියනවා, රජතුමනි ඔය තුනටම වඩා අමරු කටයුත්තක් තියනවා කරනවා නම් කරන්න කියලා. දන් දෙන්න හිතන්නත් පුලුවන්, සිතුවිල්ලට අනුව දන් දෙන්නත් පුලුවන් නමුත් අසීරුම කටයුත්ත දන් දුනට පස්සේ දන් දුන්න දේ පිළිබදව අතහැරීමට හිට හදාගැනීම තමයි රජතුමනි අසීරුම කටයුත්ත කියල අර ඇමතිවරය රජුට පවසුවා. යමකට ආසාව නිසා තන්හාව, ලෝබය ඇතිවේ. හටගත් ලෝබය නිසා දුකට පත් වේ. මෙය බෞද්ධ, හින්දු ,කතොලික, ස්ලාම්, තිරිසන්, මනුස්ස, දෙවියන් මේ ඕනෑම ජීවියකුට පොදු ධර්මතාවයකි. දුකෙන් ඇත්විමට, නැතිකිරීමට නම් කළහැකි එකම දෙය දුක ඇතිවූ හේතුව නැති කිරීමයි . දුක ඇතිවූ තන්හාව නැති කළයුතුය. තන්හාව අතිවූයේ තමන්ගේ කරගැනීමට ඇති කැමැත්ත, ආසාව නිසාය. තන්හාව නැති කිරීමට ආසාව ප්‍රහීන කළයුතුවේ. ආසාව දුරු කිරීමට ආසාව ඇතිවිම ඇතිවූ හේතුව නැති කළයුතුවේ. සැදැහැවත් බෞද්ධයන් ලෙස දන් දිය යුත්තේ මේ හේතුවෙනී. දන් දීමෙන් යමක් අතහැරීම අවබෝධ කරගත හැක. නමුත් පින් රැස්කිරීමට ආසාවෙන්, කැමැත්තෙන් නැවත පිනෙන් අල්ලාගනී. මෙලෙස දන්දීම නම් එහි තේරුමක් තියනවද?

සැදැහැවතෙකු යමකට ඇති ආශාව අතහැර යමක් දන් දුන්විට ඉන්පසු එයට කුමක් උනිදැයි අක් මුල් සෙවිම ඵලක් නොමැත. එලෙස සොයන්නට යන්නේ නම් එවිට හැගෙනුයේ දන් දුන් දෙය පිළිබදව ඇති ආශාව තවදුරටත් ඇතහැරීමට නොහැකි බව නොවෙද? එවිට දානයෙන් ඵලක් වේද? සැදැහැවතෙකු භික්ෂූන්වහන්සේලා උදෙසා ශ්‍රාද්ධාවෙන් ලබාදෙන කුඩා හෝ දනයක් පිළිබද නැවත ලබාගැනීමට, සොයා බැලීමට ගිහියන් ලෙස නුසුදුසු දෙයක් ලෙස මමද පෞද්ගලිකව සිතමි. නමුත් ගැටලුව මෙලෙස මුදල් උපයන්නේ පන්සලකින් වීමය. පන්සල, පැමිණෙන පුද්ගලයකුට ධර්මාවබෝධය ලබාගෙන ශුද්ධාව වඩවා අකුසලයන්ගෙන් ඇත්වී නැවත නැවත සසරේ ඉපදිමින් දුක් විදීමට හේතුන් ප්‍රහීනකර සසරෙන් එතෙර වීමට උපකාරීවන, අවබෝධය ලබාදෙන එකම ස්ථානය වේ. මෙම එකම ස්ථානයත් මුදල් ඉපයිමට සිතූවිට කුමක්වෙද? ඔබ මොහොතක් සිතා බලන්න?

පුජා භූමි සංවර්ධනයට ලෙස පවසා ඊට මුවා වී ප්‍රවේශ පතකින් හෝ පිංකැට මඟින් මුදල් ඉපයිම සිදුවන බව පෙනෙන්නට තිබේ. මෙලෙස වන්නේ දිනෙන් දින මිනිසුන්ට ධර්මාවබෝධයේ නැතිවී යාමයි. ලියන්න, කියන්න දන්නති මිනිසකුට පෑනක අවශ්‍යථාවයක් නොමැත. පන්සලෙන්, භික්ෂූන්වන්සේලාගෙන් නිසි කර්යය ( ධර්ම ප්‍රචාරය ) සිදු නොවේ නම් මිනිසුන්ට ධර්මයේ අවශ්‍යථාවය හෝ අවබෝධයක් නොමැති නම්, ඔවූන්ට ධර්මය අවබෝධ කරදීමට කිසිවකු නොමැති නම් මිනිසුන ධර්මය පිලිබද වැරදි ආකල්ප ඇති කරගනීම පිලිබද අමුතුවෙන් කිව යුතුද? එමඟින් ධර්මයෙන් ටිකෙන් ටික ඈත්වීම සිදුවේ. මෙය ධර්මය පිලිබද අවබෝධයක් ඇති මෙරට පුද්ගලයන්ට නොවැටහෙන්නේ මන්දයැයි මට නොවැටහේ?

පාසලට පැමිණිය හා පාසලේ සිටිය යුත්තේ ඉගැන්වීමට ගුරුවරු හා ඉගෙන ගැනීමට ශිෂ්‍යන් වේ. නමුත් ගණිකවන් හෝ කුඩුකාරයන් හෝ දාමරිකයන් නොවේ. මෙවැන්නන් සිටිනම් එය තවදුරටත් පාසලක් ලෙස කිවහැකිද? යම් දිනක මෙසේ වූවහොත් රටට යන කල ගැන අමුතුවෙන් කිවයුතුද?
මෙලෙසම පන්සලකට පැමිණිය යුත්තේ ධර්මවබෝධය ලබාගැනීම බුද්ධ ශ්‍රවකයන්, සැදැහැවතුන් මිස එන කිසිවකු සංචාරයකයන් ලෙස සැලකීම හෝ පිළිගැනීම හෝ වර්ගකිරීම සිදු සිදුකල හැකිද? එය සුදුසුද?
මෙලෙස සංචාරය පිණිස පන්සලකට පමිණ යමක් දැක බලාගෙන විනෝදවීමට නම්, එවැනි ස්ථානයකට තවදුරටත් පන්සලක් කිවහැකිද? එහි වැඩ වාසය කරන්නේ භික්ෂූන්වහන්සේලා බව කිවහැකිද?
පන්සලට පැමිණෙන මෙවන් තැනත්තන්ට බුද්ධ ධර්මය ප්‍රචාරය නොවේ නම්, ධර්මාවබෝධය ලබා නොදේ නම් , ධර්මාවබෝධය පිළිබද දැනුවත් කිරීමක් නොකරයි නම් එවන් තැනකට භික්ෂුවකගෙන් ඵලක් තිබේද?
මුදල් උපයන්නේ ව්‍යාපාරික ස්ථානවල මිස පන්සල් වල නොවෙන්නාසේම ධර්මවබෝදය ලබාදෙන්නෙ පන්සලෙන් මිස ව්‍යාපාරික ස්ථානවල නොවෙද?

අනිත් අතට පන්සලක් පුරාවිද්‍යා ප්‍රදර්ශණ භාන්ඩයක් විය හැකිද? ප්‍රදර්ශණ භාන්ඩ ලෙස පන්සලක ඇති පෞරාණික දෑ පෙන්වීමෙන් මුදල් ඉපයිය හැකිද?
සංසාරයේ නැවත නැවත ඉපිදී මෙන් දුක්විදින මනුස්සයන් ඇතුලු සත්වයන්ට අපිරිමිත කරුණාවෙන් ලොක සත්‍ය අවබෝධ කර දේශනා කළ හෙයින් බුදුන් උදෙසා ඉමහත් ශ්‍රද්ධාවෙන් උපහාර, ගෞරව සත්කාර පුද කිරීමට නිමවා ඇති බෝධින්වහන්සේනමකට, චෛථ්‍යරජානන්වහන්සේනමකට, පිළිම වහන්සේනමකට මිලක්, මුල්‍යමය වටිනාකමක් දිය හැකිද? වෙන්සක් නොකර ජීවමාන බුදුන්ට හා සමානවම ඉමහත් ශ්‍රද්ධාවෙන් ගෞරව සත්කාරන කරන උන්වහන්සේලට හුදු පුරාවිද්‍යා ප්‍රදර්ශණ භාන්ඩයක් ලෙස සැලකීමවත් හෝ සිතීමවත් ගුණමකුකමක් නොවන්නේද?
අතීත ශ්‍රී ලාංකිකයන් මෙවා නිමවූයේ කුමක් සඳහාද කියා ඔබට වැටහීමක් තිබේද?
පුරාවිද්‍යා ප්‍රදර්ශණ භාන්ඩයක් ලෙස පෙන්වා මුදල් ඉපයීමටද? නැත්නම් සැදැහැවතෙකුට ශුද්ධාව වඩවා ධර්මාවබෝධය ලබා ගැනීමට රුකුලක් වීමටද? මදකට සිතා බලන්න?

කාලය ගත උනද, ආකල්ප වෙනස් උනිද, භාවිත කරන තාක්ෂණයන් වෙනස් උනිද සමජ ගුණධර්මයන්, සාරධර්මයන් යල් පැනගිය අදහස් ලෙස ඉවතලිය,බැහැර කල යුතුද? එවාට ගැරහිය යුතුද? සමජ ගුණධර්මයන් පිරිහිමෙන් රට අගාධයෙන් අගාධයට මිස කිසිසේත්ම සංවර්ධනය කල හැකියැයි ඔබ සිතන්නේද?

හිල් වුනු කළයකට කෙතරම් වතුර පුරවන්නට උත්සාහ කලද, හිල් වලින් වතුර යනවා මිස කළය කිසි දිනක නොපිරේ.
එලෙසම පරිපලන දෝෂ හා අක්‍රමිකතා, මුල්‍ය අක්‍රමිකතා, දේශපාලන අතපෙවීම්, නිස්චිත පරිපලන හෝ ආර්ථික සංවර්ධන ඉලක්කයක් නොමැතිකම, පරිපාලනමය හා සිවිල් නිතී වල නිස්චිත කලට යාවත්කලීන නොවීම, නිතීයේ අවභවිතය හා අක්‍රමිකතා තිබෙන රටක මෙම දෝෂ නිවරදි නොකර වෙන කොහොම සංවර්ධනයක් ගෙන ඒමට උත්සාහ කලද රටක් දියුණුකර හැකියැයි ඔබ සිතනවාද?
මෙවන් රටක පාලකයාගේ නොහැකියවට පන්සල, එහි වෙසෙන භික්ෂූන්වන්සේලා, රටේ සංස්කෘතිය වගකිව යුතුද?

සැදැහැවතෙකු යම් පරිත්‍යාගයක් මහාසංඝරත්නය උදෙසා පුජා ( මෙහිදී අදහස් කරන්නෙ ඕනෑම දානයක් ) කලවිට එය අර්යය මාර්ඟයේ ගමන් කරන සියලු භික්ෂූන්වහන්සේලා උදේසාමවේ. එලෙසම පරිත්‍යාග කල සැදැහැවතුන්ට ඉන් යහපතක්ම විය යුතුය, මාහානිසන්සයක්ම විය යුතුය.
මෙවන් සංඝික පූජාවක් ( මහාසංඝරත්නය උදෙසා කල පුජාවක් ) ගිහි භාරකාත්වයකට හෝ රජයකට කුමනකරුනක් නිසාවත් නැවත ( පෙරලා ) ලබාගත හැකිද? මෙලෙස සංඝික දානයක් මහාසංඝරත්නයෙන් නැවත ලබාගැනීම සිදුවේ නම් හාස්‍යට කරුණක් නොවනේද? මෙවැනි පිරිස් වලට ධර්මාවබෝධයේ ප්‍රමාණය සිතා ගත නොහැකිවේද? ඇරත් මම දන්නා තරමින් මහාසංඝරත්නය යනුවෙන් ආමත්‍රණය කරනු ලබන්නේ භික්ෂූන්වන්සේලාට පමනී නමුත් ගිහි භාරකාත්වයට හෝ රජයට මහාසංඝරත්නය යනුවෙන් ආමත්‍රණය කිසිවිටක නොකරයි. ඒ නිසා මහාසංඝරත්නය උදෙසා කරන පුජාවක් අන්‍ය පාර්ශවයකට ලබාගත හැකිද යන්න මට අවබෝද නොවේ?

යම් පන්සලක ගිහි භාරකාත්වය හෝ රජය විසින් කල යුත්තේ එහි වැඩවාසය කරන භික්ෂූන්වන්සේලාට ධර්ම ප්‍රචාරය උදෙසා සහය වීමට පමණි. පන්සල කෙලෙස දියුණු කරනවද, මුල්‍ය පරිපලනය කරනවද , පිං කැටයක් තියනවද නැද්ද , ධර්ම ප්‍රචාරය කරනවද තිරණය කලයුත්තේ භික්ෂූන්වන්සේලා පමණක් නොවෙද? මේ සඳහා අණදීම, උපදෙස් දීම ගිහි භාරකරිත්වයකට කලහැකිද?

පරිත්‍යාගශීලියකු මහාසංඝරත්නය උදෙසා පුජාවක් ( මෙහිදී අදහස් කරන්නෙ ඕනෑම දානයක් ) සිදු කරන්නෙ බුදුන්, ධර්මය හා මහාසංඝරත්නය කෙරෙහි ඇතිවන්නවූ ශුද්ධාව හේතුවෙන් නොවෙද?
මේලෙස ලබදෙන්නවූ දානයන් ශුද්ධාව වැඩෙන ලෙසත, කුසල කර්මය වැඩෙන ලෙසත් යහපත්ව නිවැරදිව හා වඩා හොඳ කර්ම ප්‍රතිසන්ධියක් ලැබෙන ලෙස පරිත්‍යාගන් වගකීමකින් භික්ෂූන්වහන්සේලා පරිභෝජනය කලයුතු නොවෙද? මේහේන් පරිත්‍යාගන් අනිසිලෙස භාවිතා නොකිරීමට භික්ෂූන්වහන්සේලා ලෙස කටයුතු නොවෙද?

එලෙසම පන්සලක් භෞතිකව සංවර්ධනය විය යුතුය. එසදහා මුදල්ක්ද වැයවේ. එලෙසම පන්සලෙ අනෙකුත් පුන්‍ය කටයුතු සදහාද, භික්ෂූන්වහන්සේලාගෙ ගමන් වියදම් , අධ්‍යාපන කටයුතු වලට කෙරෙන වියදම් හා අනෙකුත් අත්‍යාවශ්‍ය දෑ සදහා මුදල් වැයවේ. මේ හේතුවෙන් පන්සලට යම් මුදලක් අවශ්‍යවේ. මේ සදහා වඩාත් පාරදෘෂ්‍ය හා විදිමත් ක්‍රමවේදයක් සෑම පන්සලකම සිදුවෙනවා නම් වඩා යෝග්‍ය නොවෙද? එමඟින් තමා විසින් සිදුකරන ලද දානයෙන් වඩාත් යහපතක් වූ බවට පුන්‍ය කටයුත්ත කල සැදැහැවතුන්ට පැහැදිමක් ඇති කරගැනිමට හැකි නොවෙද? එවිට රජයට හෝ වෙනත් පර්ශවයකට අත්තනෝමතිකව පන්සලෙන් මුදල් ඉපයිම සාධාරණීකරණය කල නොහැකි වේ නොවෙද?
මෙලෙස පසුගිය කාලය පුරාවටම පන්සල් හරහා මුදල් උපයන බවට දෝෂාරෝපණයට හා ලැජ්ජවට පත් කරන්නට නොයෙකුත් පර්ශවයන් උත්සාහ ගැනීම් සිදුවූනා නොවේද? අප නිසි ක්‍රියාමර්ඟ නොගැනීම නිසා මෙලෙස වැරදි අවබෝධයක්, මතයක් සමජ ගත කිරීම මඟින් ඔවූන් කෙතරම් අකසල කර්මයක් කරගන්නේද? අනික මෙම වැරදි මත නිසා ගිහියන් අතර භික්ෂූන්වහන්සේලා කෙරෙහි වැරදි ආකල්පයක් ඇති නොවේයැයි ඔබට කිව හැකිද? මේ හේතුවෙන් බෞද්ධ සමාජයට හානියක් මිස යහපතක් සිදුවේද?
මෙවැනි වැරදි සිදුවීමට පෙරම අප බෞද්ධයන් ලෙස වැරදි අවමවන ලෙස කටයුතු කිරීමට වගබලා ගැනීම අපගේ වගකීම නොවේද?

ඇරත් පන්සලක පිංකැටයකින් හෝ ප්‍රවේශ පතකින් හෝ මුදල් එකතුකිරීමට සිතීම උතුම් බුද්ධ ධර්මයට කෙරෙන අපහාසයක්, නින්දාවක් නොවෙද? ධර්මය කෙලසිමක්, අවභාවිතයක් නොවෙද? බුද්ධ ධර්මය රැකගැනීමට අප්‍රහිතදහිරියක් යොදවන භික්ෂූ සංඝායගේ කැපවීම හැල්ලුවට ලක්කිරීමක් නොවෙද? යපත් හෝ අයහපත් කුමන අරමුණකින් මුදල් රැස්කලත් එය එසේම නොවන්නේද?

පන්සල හා එහි භික්ෂූන්වහන්සේලා වැඩ වාසය කරන්නේ පිං කැට හෝ ප්‍රවේශ පතකින් හෝ මුදල් ඉපයිමටද? නැත්නම් පන්සල වෙත පමිණෙන කුමන හෝ අයකුට ධර්මාවබෝධය ලබාදීමද? කල යුත්තේ? මේ ගැන ඔබ කුමක් සිතන්නේද?

යමෙක් පලමුවරට යහපත් අරමුණකින් සිදුකලත්, එය ඇපයට තබාගෙන බොහෝ පිරිස් වැරදි අදහසකින් එම කාරණයම තමන්ගේම යහපත පමණක්ම උදෙසා වැරදියට භාවිතා කරනු කෙතරම් අප රටේ ප්‍රයෝගික උදාහරණ ඇද්ද?

පන්සල අශ්‍රය කරගන්න ගිහි පැවිදි දෙපාර්ශවයම පන්සල තුලින් අධ්‍යාත්මික ගුණයන් සංවර්ධනය කරගතු මෙන්ම අනාගත පරපුරට එම අත්පත් කරගත් ගුණයන් සම්ප්‍රෙශණය කිරීමට කටයුතු කිරීම මිස අසිමාන්තික භෞතික සංවර්ධනයක් අපේක්ෂා නොකල යුතු නොවේද?

  1. පන්සලකට ඇතුල් වීම සදහා ප්‍රවේශ පතක් නිකුත් කරන පන්සල් කෙතරම් ප්‍රමාණයක් ලංකාව පුරා තිබේද?
  2. පිංකැට මඟින් මුදල් එකතුකරන පන්සල් කොතරම් ප්‍රමණයක් ලංකාව පුරා තිබේද?
  3. කෙතරම් මුදලක් මෙලෙස උපයා ගනිද? ඇස්තිමෙන්තු ගතකිරීමට ක්‍රමයක් තිබේද?
  4. එමඟින් උපයන මුදල් අවමවශයෙන් නිවැරදි විදිහට රටපුරා පන්සල් වලට බෙදා හරිනවාද? මේ සදහා විදිමත් වැඩපිළිවලක් තිබේද?
  5. පිරිවෙන් කීයක් නඩත්තු වෙනවාද? නඩත්තු තත්වයේ ඇති පන්සල්, සංඝාවස කෙතරම් ප්‍රමණයක් මෙවසර තුල මෙම එකතුකරගත් මුදලින් සකස් කලේද?

.1 ප්‍රවේශ පතක් මඟින් විදේශීය හෝ දේශීය ලෙස ශ්‍රාද්ධාවන්තයන්ගෙන් වෙනස් ආකාරයට මුදල් ලබාගැනීම සිදු කරයිද? නැත්නම් විදෙස් ශ්‍රාද්ධාවන්තයන්ගෙන් පමනක් අය කරගනීද?
මෙලෙස විදෙස් සැදැහැවතුන් ලෙස හැදින්වූයේ පන්සලක් වැදපුදා ගන්නට පන්සලට පමිණෙන කවරෙකුට වූවද සන්චාරකයන් ලෙස හැදින්වීම හෝ මුදලක් ඉපයිමද නැත්නම් පන්සලකින් විය යුත්තේ ඔවූනටද නිර්මලවූ ධර්මය පිළිබදව අවබෝදයක් ලබාදීමද? මේ හේතුවෙන් සංචාරකයන් ලෙස ඇමතීම නුසුදුසු දෙයක් ලෙස සිතෙන නිසා.

.2 විදේශීයහෝ දේශීය ලෙස පුද්ගලයන්ගේ ශ්‍රාද්ධාවේ, ධර්මාවබෝධයේ, තෙරුවන් සරණ යාමේ වෙන්සක් තිබේද?

.3 ශ්‍රාද්ධාවේ වෙනසක් නොතිබේ නම් ප්‍රවේශ පත් ලබාගැනීමේදි දෙයාකාරයේන් සලකන්නේ කෙලෙසකද?

.4 යම් හෙයකින් යම් සැදැහැවතෙකු නැරඹීම සදහා ප්‍රවේශ පතක් තිබිය යුතුනම්, මෙයින් අදහස් කරන්නේ ප්‍රවේශ පතක් නොමැතිව පන්සලකට ඇතුලුවිය, ප්‍රවේශවිය නොහැකි බව නොවෙද? එලෙසම මෙලෙස පන්සලකට පමිනෙන පුද්ගලයකුට ප්‍රවේශය සදහා මුදලක් නොමැතිව පන්සලකට ඇතුලුවිය නොහැකි බව නොවෙද? එම මුදල ලබාදිය නොහැකි නම් අපසු හැරී යායුතු බව නොවෙද?

.5 විදේශීකයකු පන්සලකට පමිණෙන විට ප්‍රවේශ පතක් නිකුත් කලයුතු යැයි විනය නීතියක් පනවා තිබේද?

.6 ඔවූන් අපගැන කුමක් සිතාවිද? මෙවැනි දෑ කෙතරම්දුරට අප වැනි බෞද්ධ රටකට කෙතරම්දුරට සුදුසුද?

.7 දේශීය සැදැහැවතෙකුට පමණක්ද දහම් දැනුම උගත හැකිවන්නේ? විදෙස් ජාතිකයන්ට පන්සලකට ගොස් දහම් දැනුම පිළිබද අවබෝදයක් ලබාගත නොහැකිද?

.8 මෙලෙස යම් සංවර්ධන කටයුත්තක් මුවාවෙන් මුදල් උපයනට වූ විට පන්සල තවදුරටත් පන්සලක්ද ව්‍යාපාරික ස්ථානයක්ද?

.9 මෙය පුර්වාදර්ශයට ගෙන අනෙකුත් පන්සල්ද ප්‍රවේශ පතක් නිකුත් කලොත් කුමක් සිදුවේද?

.10 මෙසේ සිදුවීමට පෙරාතුව මෙවැනි පුජනීය ස්ථාන ව්‍යාපාරික ස්ථානයක් ලෙස පමණක් පවත්වගෙන යයි නම් අනෙකුත් පන්සල් වලටද මෙය පුර්වාදර්ශයක් නොවනු ඇත. මේ පිළිබදව ඔබ සිතන්නේ කුමක්ද?

.11 අනිත් අතට මෙලෙස ප්‍රවේශ පත් මඟින් මුදල් උපයන්නේ පන්සල් සංවර්ධනය කිරීමට සිතානම්, කවර හෝ පුද්ගලයකුට මුදලක් නොමැතිව පන්සලට ගොස් සිත පහදවාගෙන තෙරුවන් සරණ යාමට නොහැකි නම් එවැනි පන්සලකින් ඵලේ කුමක්ද? මෙය කුමන ආකාරයේ විහිලුවක්ද?

.12 මිථ්‍යා දෘෂ්ඨික ආගම් අදහන උදවිය ඔවූන්ගේ පල්ලි, කෝවිල් වලට යනවිට මේ ආකාරයෙන් ප්‍රවේශ පත් මඟින් මුදල් උපයන්නේද? මිථ්‍යා දෘෂ්ඨිකත්වයෙන් මිදුනු බෞද්ධයන් වන අප මෙහිදී කෙතරම් පහල මට්ටමකට වැටී ඇද්ද?

නොයෙකුත් අදහස් දරන මිනිසුන් අප සමාජය තුල සිටි. ඔවූන් සමඟ ගනුදෙනු කිරීමේ දී ඉතා පරිස්සම් වියයුතුය. ඔවූන්ගේ අරමුණු හොඳවාගෙම ඉතා හනිදායක විය හැකිය. මුල් අවදියේ පන්සලට එකතුවන සැදැහැවතුන් නිසා පන්සල දියුණුවෙන් දියුණුවට පත්වූනද නමුත් පන්සලේ දියුණුව නිසා, පිංකැට වලට එකතුවන මුදල් නිසා පන්සලට පසුව එකතුවන් පිරිස් හේතුවෙන් ඒම මුදලට හිමිකම් කියන්න නව පිරිස් ඉදිරිපත්වේ. මෙලෙස එකතුවන ගිහි දායක සභා, රජය පන්සලේ කටයුතුවලටද මදිහත් වේ. කාලයත් සමඟ පන්සලේ භික්ෂූන්වහන්සේලා සිටීම පවා ඉන් පසුව ඔවූන්ට ඵලක් නොමැත. පන්සලේ සියලු කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ මේ පිරිස්ය. භික්ෂූන්වහන්සේලා හෝ ගිහියන් මොවූන්ගේ කටයුතුවලට බධා කලවිට ඊට එරෙහිව මොවූන් කටයුතු කිරීමටද පසුබට නොවේ. පන්සල ඔවූන්ගේ මුදල් උපයන තවත් එක් වෙළද ආයතනයක් පමණකි. මුදල් ඉපයිමට අවශ්‍ය පරිදි පන්සලේ කටයුතු ඔවූන්ට අවශ්‍ය විදිහට සකසා ගනී. අවසානයේදී වන්නේ බෞද්ධ සමාජයම පරිහනියට ඇද දමයි. නොයෙකුත් හේතු කියමින් සංඝික දේවල් වලට පවා අයිතිවසිකම් කියපු අවස්ථා පුවත් මඟින් පසුගිය දිනවල අසන්නට ලැබුනේද? අනිත් අතට මුලින් කැපවීමෙන්, මහන්සියෙන් කටයුතු කරපු තැනැත්තන් විසින් දියුණු කල ආයතන මෙරට කොතෙකුත් තිබේද? පසු කාලයක මෙම ආයතන වල දියුණුව,මුල්‍යවත්කම නිසා එකතුවන පිරිස් නිසා හොදින් තිබුනු ආයතන අදවනවිට කෙතරම් ප්‍රමාණයක් ගොඩගැනීමටවත් නොහැකිවන ලෙස අද වනවිට බිදවැටී ඇද්ද?

පුරාවස්තුන් පෙන්වීමෙන් විදෙස් වලින් පමිණෙන සංචාරකයන් විශාල මුදලක් උපයාගත හැක. මෙය රටේ දියුණුවටද හේතුවක් වේ. රටක දියුණුව යනු මුල්‍ය වත්කමද? ගුණධර්මයන්ගෙන්, සාරධර්මයන්ගෙන් රටක් දියුණුවිය යුතුනොවේද?
ගුණධර්මයන්ගෙන්, සාරධර්මයන්ගෙන් පිරිහුණු රටවැසියන් රට දියුණු කරනවා නොව උපයා ගත්දේද පරිහානියට ගමන් කරයි. මෙලෙස මුදල් උපයන්න ගොස් තමනුත්, ආයතනයත්, රටත් අන්තයට පිරිහුණු අවස්ථා ලංකාව තුල කොතෙකුත් පූර්වාදර්ශ තිබේද?

පන්සලකට මුදල් එකතුවීම බෞද්ධයන් ලෙස අපට එතරම් වැදගත් නොවූවද? ඒ මුවාවෙන් මුදල් ඉපයිමටම පන්සල තුල අකටයුතුකම් වේ නම්, නිර්මල දහමට අගෞරව වේ නම් එය අපහට ගැටලුවක් නොවෙද? සොයා බැලීම අපගේ වගකීමක් නොවේද?

තම දරුවකු නොමග ගියවිට එහි වැඩි වගකීම දෙමාපියන් ගත යුතුය. තම දරුවන් නිසි මඟ පෙන්වීම, පිලිබද සොයා බැලීම සිදු කල යුත්තේ දෙමාපියන්ය. රටේ පාලකයන්ට හෝ වෙනත් පර්ශවයකට දෝෂාරොපණය කිරීමෙන් ඵලක් තිබේද? යම් ආයතනක් බිද වැටේ නම් එම ආයතනයේ පාලන අධිකාරිය වගකිව යුතුය. ආයතනය තුල මුල්‍ය හා පරිපාලනමය කලමණාකරනය නිසි ආකාරයෙන් පවත්වා ගතයුත්තේ එම ආයතනයේ පාලන අධිකාරිය නොවේද? දවසින් දවස පුද්ගලයන් ධර්මයෙන් ඇත්වේ නම්, ධර්මය පිලිබද අවබෝධය ඇති පුද්ගලයන් ටිකෙන් ටික අඩුවේ නම් , දවසින් දවස සමාජය පිරිහේ නම්, එලෙසම පන්සලකින් වියයුතු මුල්ම කාර්යය වන ධර්ම ප්‍රචාරය නිසි ආකාරයෙන් සිදු නොවේ නම් ඒ සදහා වගකිව යුත්තේ කවූරුද?, කටයුතු කල යුත්තේ කවූරුද?

මේ සදහා පිළියමක් ලෙස තනතුරු දරන භික්ෂූන්වහන්සේලාට හා බුද්ධසාසනික අමත්‍යංශයට හා බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවට හා තරුණ බෞද්ධ සංගමය වැනි ආයතන වලට මේ සඳහා කුමක් කල හැකිද?

  1. දිවයින පුරා වැඩ වෙසෙන භික්ෂූන්වහන්සේලා පිළිබද තොරතුරු ලබාගනීම.
    1. පිරිවෙන් අධ්‍යාපනය ලබන වයස අවූරුදු 12ට වඩා අඩු සමණේර භික්ෂූන්වහන්සේලා කෙතරම් ප්‍රමාණයක් සිටිද?
    2. පිරිවෙන් අධ්‍යාපනය ලබන වයස අවූරුදු 12ට වඩා වැඩි සමණේර භික්ෂූන්වහන්සේලා කෙතරම් ප්‍රමාණයක් සිටිද?
    3. විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපනික ආයතන වල අධ්‍යාපනය ලබන සමනේර භික්ෂූන්වහන්සේලා කෙතරම් ප්‍රමාණයක් සිටිද?
    4. ලංකාව තුල උප සම්පදාවූ භික්ෂූන්වහන්සේලා කෙතරම් පිරිසක් වැඩවාසය කරන්නේද?
    5. රෝගී තත්වයෙන් භික්ෂූන්වහන්සේලා කෙතරම් ප්‍රමාණයක් සිටිනවාද? උන්වහන්සේලාට ප්‍රතිකර සදහා කෙතරම් මුදලක් වැයවේද?
    6. විශාල පිරිසකට සේවය කිරීමට ලංකාව පුරාම සිටිනේ ස්වල්ප භික්ෂූන්වහන්සේලා පිරිසක් බවින්? භික්ෂූන්වහන්සේලාගේ අධ්‍යාපනික, සෟඛ්‍ය හා වෙනත් අත්‍යාවශ්‍ය දෑ සදහා කෙතරම් භික්ෂූන්වහන්සේගෙන් භික්ෂූන්වහන්සේට අවශ්‍ය දැයි පහසුවෙන් තොරතුරු ලබාගත හැක. භික්ෂූන්වහන්සේගෙන් භික්ෂූන්වහන්සේට කෙතරම් මුදලක් අවශ්‍යද?
    7. සියලුම භික්ෂූන්වහන්සේට ඇති මුල්‍ය හෝ අනෙකුත් අවශ්‍යතාවයන් මොනවද? එක් එක් භික්ෂූන්වහන්සේලා හමුවී, විමසා උන්වහන්සේලාට ඇති අවශ්‍යතාවයන් ලයිස්තු ගතකර ඉදිරිපත් කලහැකිද?
  2. සමණේර භික්ෂූන්වහන්සේලා අධ්‍යාපනය ලබන පිරිවෙන් සම්බන්දයෙන් සොයා බැලිය යුතුය.
    1. දැනට ලංකාව පුරාම පිරිවෙන් කෙතරම් ප්‍රමාණයක් තිබේද?
    2. පිරිවෙන් කොපමන ප්‍රමාණයක් අලුත්වැදඩියා කලයුතු තත්වයේ තිබේද? ඒ සදහා කෙතරම් මුදලක් වැය වේද?
    3. දැනට මෙවායේ සමණේර භික්ෂූන්වහන්සේලා කෙතරම් ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු කරනවාද?
    4. සමණේර භික්ෂූන්වහන්සේලාට අධ්‍යාපන කටයුතු කිරීමට අවශ්‍ය දෑ මොනවාද? ඒ සදහා කෙතරම් මුදලක් වැයවේද?
    5. කෙතරම් ආචර්යවරුන් ප්‍රමාණයක් එවායේ ඉගැන්වීමේ කටයුතුවල යෙදී සිටිනවද?
    6. ආචර්යවරුන් සදහා නේවසික පහසුකම් සපයනේද?
    7. කෙතරම් ආචර්යවරුන් ප්‍රමාණයක් නේවසිකව සිටින්නේද? ඒ සදහා කෙතරම් මුදලක් වැය කරන්නෙද?
    8. පිරිවෙනින් පිරිවෙනට ආචර්යවරුන් කොපමන ප්‍රමාණයක පුරප්පාදු තිබෙනවද? පුරප්පාදු තිබෙන විෂයන් මොනවාද?
    9. පිරිවෙන් වල නේවාසිකව කෙතරම් සමණේර භික්ෂූන්වහන්සේලා වැඩවාසය කරන්නේද?
    10. නේවාසිකව වැඩවාසය කරන සමණේර භික්ෂූන්වහන්සේලාට නේවාසික පහසුකම් ප්‍රමාණවත්ද?
    11. නේවාසික පහසුකම් සපයිමට කෙතරම් ගොඩනැගිලි ප්‍රමාණයක් තව අවශ්‍යද?
    12. එක් එක් පිරිවෙනට අධ්‍යාපනික, සාසනික කටයුතු සදහා කෙතරම් මුදලක් වැය වේද?
    13. දැනට පිරිවෙනේ කටයුතු සදහා ලැබෙන මුදල ප්‍රමාණවත්ද? අතිරේකව කෙතරම් මුදලක හිඟයක් තිබේද?
    14. සියලුම භික්ෂූන්වහන්සේට ඇති මුල්‍ය හෝ අනෙකුත් අවශ්‍යතාවයන් මොනවද? එක් එක් භික්ෂූන්වහන්සේලා හමුවී, විමසා උන්වහන්සේලාට ඇති අවශ්‍යතාවයන් ලයිස්තු ගතකර ඉදිරිපත් කලහැකිද?
  3. දිවයින පුරාම තිබෙන පන්සල් සම්බන්දයෙන් අවධානය යොමු කලයුතුය.
    1. ලංකාව පුරා පන්සල් කෙතරම් ප්‍රමාණය තිබේනවද? පුරාණ (1800 පෙර ඉදිකරපු ) හා නව (1800 පසු ඉදිකරපු ) වෙන් වෙන්ව පන්සල් කෙතරම් ප්‍රමාණයක් තිබේද?
    2. එක් එක් පන්සල් වල භික්ෂූන්වහන්සේලා කෙතරම් ප්‍රමාණයක් වැඩවාසය කරන්නේද?
    3. ඉතාමත් කඩිනමින් අලුත්වැඩියා කලයුතු තත්වයේ ඇති පන්සල් කොපමන තිබෙනවාද? අලුත්වැඩියා කිරීම සදහා අස්තිමේන්තු ගත වියදම කොතරම්වේද?
    4. සංරක්ෂණය කලයුතු මට්ටමේ පන්සල් කෙතරම් ප්‍රමාණයක් ටිබේද? සංරක්ෂණය කිරීම සදහා අස්තිමේන්තු ගත වියදම කොතරම්වේද?
    5. දැනට සංරක්ෂණය පන්සල් කෙතරම් ප්‍රමාණයක් තිබේද?
    6. පන්සලෙන් පන්සලට නඩත්තුව සදහා කෙතරම් මුදලක් මසිකව අවශ්‍යවේද?
    7. දැනට පන්සල්වල කටයුතු සදහා ලැබෙන මුදල ප්‍රමාණවත්ද? අතිරේකව කෙතරම් මුදලක හිඟයක් තිබේද?
    8. සියලුම පන්සල් වලින් කෙරෙන කටයුතු මොනවද? එම කටයුතු සදහා මුල්‍ය ඇස්තිමෙන්තුවක් ඉදිරිපත් කල හැකිද?
  4. බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවේ මූල්‍ය පරිපාලනය පිළිබදව සොය බැලීම.
    1. බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව පිහිටවූයේ කුමන වර්ෂයේද?
    2. දෙපාර්තුමේන්තුවට වාර්ෂිකව කෙතරම් මුදලක් ලැබේද?
    3. දෙපාර්තුමේන්තුවට ලැබෙන මුදල් කෙසේ ලැබෙනේද? මාහාබන්ඩාගාරයෙන් හෝ වෙනත් ආයතන වලින් වෙන වෙනම කෙසේ ලැබෙන්නේද?
    4. දෙපාර්තුමේන්තුවට වාර්ෂිකව ලැබෙන මුදල් ආයතය තුල බෙදීයන්නේ හෝ වියදම් කරන්නෙ කවර ආකාරයටද?
    5. ආයතනය කෙතරම් නිලදාරීන් පිරිසක් සේවයේ යෙදෙනවාද?
    6. ආයතනය තුල කෙතරම් තනතුරු ප්‍රමාණයක් තිබේද?
    7. එක් එක් තනතුරට අදාලව රජකරිය, යුතුකම් හා වගකීම් මොනවාද?
    8. එක් එක් තනතුරට අදාලව හිමිවන වැටුප කුමක්ද?
    9. මීට අමතරව යම් පුද්ගලයකුට වැඩිපුර ගෙවීමක් කරන්නේ නම් එම නිලදාරියට ගෙවන වේතනය කුමක්ද? එසේ වීමට හේතුව කුමක්ද?
      සියලුම නිලදාරින් පහේම සිදුකරනු ලබන සෑම වියදමක්ම මහජනතාවගෙන් ලබාගන්න බදු මුදල් වලින් බවින් ඔවූන් ලබාදෙන බදු මුදල් වලට කුමක් වන්නේදැයි දැනගැනීමට ජනතාවට වගකීමක් හා අයිතියක් පැවතිය යුතුය.
    10. නිලදාරින් වෙනුවෙන් අධ්‍යාපනික හා රෝගී තත්වයන් වැනි අත්‍යාවශ්‍ය කටයුතු සදහා කෙතරම් මුදලක් වාර්ෂිකව වියදම් කරනවද? එම මුදල් ලබාදී අත්තේ කවර තැනැත්තන්ටද?
      මේ හරහා විශාල මුල්‍ය අක්‍රමිකතාවයන් විය හැකි බැවින් විනිවිද භාවයෙන් කටයුතු කිරීම වැදගත් වේ.
    11. විදෙස් සංචාර, උත්සව වලට ලබාදෙන දීමනා සදහා කෙතරම් මුදලක් වාර්ෂිකව ලබාදී ඇද්ද?
    12. විදෙස් ශිෂ්‍යත්ත හෝ වැඩමුලු සදහා නිලදාරීනට කෙතරම් මුදලක් වාර්ෂිකව ලබාදී ඇද්ද? එම මුදල් ලබාදී අත්තේ කවර තැනැත්තන්ට?
    13. මීට අමතරව දෙපාර්තුමේන්තුව විසින් වාර්ෂිකව සිදුකරනු ලබන අමතර වියදම් මොනවාද?
    14. මීට අතිරේකව දෙපාර්තුමේන්තුවේ කටයුතු සදහා කෙතරම් මුදලක අඩුවක් තිබේද? දැනට දෙපාර්තුමේන්තුවේ කටයුතු වලට ලැබෙන මුදල ප්‍රමාණවත්ද?
  5. බුද්ධසාසනික අමත්‍යංශයේ මූල්‍ය පරිපාලනය පිළිබදව සොය බැලීම.
    1. අමත්‍යංශට වාර්ෂිකව කෙතරම් මුදලක් ලැබේද?
    2. අමත්‍යංශට ලැබෙන මුදල් කෙසේ ලැබෙනේද? මාහාබන්ඩාගාරයෙන් හෝ වෙනත් ආයතන වලින් වෙන වෙනම කෙසේ ලැබෙන්නේද?
    3. අමත්‍යංශට වාර්ෂිකව ලැබෙන මුදල් ආයතය තුල බෙදීයන්නේ හෝ වියදම් කරන්නෙ කවර ආකාරයටද?
    4. අමත්‍යංශ නිලදාරීන් කෙතරම් පිරිසක් සේවයේ යෙදෙනවාද?
    5. අමත්‍යංශ තුල කෙතරම් තනතුරු ප්‍රමාණයක් තිබේද?
    6. එක් එක් තනතුරට අදාලව රජකරිය , යුතුකම් හා වගකීම් මොනවාද?
    7. එක් එක් තනතුරට අදාලව හිමිවන වැටුප කුමක්ද?
    8. මීට අමතරව යම් පුද්ගලයකුට වැඩිපුර ගෙවීමක් කරන්නේ නම් එම නිලදාරියට ගෙවන වේතනය කුමක්ද? එසේ වීමට හේතුව කුමක්ද?
    9. අමත්‍යංශයට වාර්ෂිකව ලැබෙන මුදල් අමත්‍යංශය තුල බෙදීයන්නේ හෝ වියදම් කරන්නෙ කවර ආකාරයටද?
    10. අමත්‍යංශය තුලින් පාලනය වනු ලබන ආයතන කෙතරම් සංඛ්‍යාවක් තිබෙනවාද? ඒවා මොනවාද?
    11. අමත්‍යංශ නිලදාරින් වෙනුවෙන් අධ්‍යාපනික හා රෝගී තත්වයන් වැනි අත්‍යාවශ්‍ය කටයුතු සදහා කෙතරම් මුදලක් වාර්ෂිකව වියදම් කරනවද? එම මුදල් ලබාදී අත්තේ කවර නිලදාරින්ටද?
    12. විදෙස් සංචාර, උත්සව වලට ලබාදෙන දීමනා සදහා කෙතරම් මුදලක් වාර්ෂිකව ලබාදී ඇද්ද?
    13. විදෙස් ශිෂ්‍යත්ත හෝ වැඩමුලු සදහා නිලදාරීනට කෙතරම් මුදලක් වාර්ෂිකව ලබාදී ඇද්ද? එම මුදල් ලබාදී අත්තේ කවර තැනැත්තන්ට?
    14. මීට අමතරව අමත්‍යංශය විසින් වාර්ෂිකව සිදුකරනු ලබන අමතර වියදම් මොනවාද?
    15. මීට අතිරේකව අමත්‍යංශය කටයුතු සදහා කෙතරම් මුදලක අඩුවක් තිබේද? දැනට අමත්‍යංශය කටයුතු වලට ලැබෙන මුදල ප්‍රමාණවත්ද?
  6. බෞද්ධ කටයුතු ඇමතිවරයාගේ මූල්‍ය කලමනාකරණය හා පරිපාලනය පිළිබදව සොය බැලීම.
    1. බෞද්ධ කටයුතු ඇමතිවරයා ලෙස පැවරෙන රාජකරිය කුමක්ද?
    2. දෙපාර්තුමේන්තුව , අමත්‍යංශය හා ඇමතිවරයා අතර පවතින නෛතික බැදීම කුමක්ද?
    3. දෙපාර්තුමේන්තුව හෝ අමත්‍යංශය හරහා කෙතරම් මුදලක් ඇමතිවරයා වෙනුවෙන් වෙන්වේද?
    4. මාහාබන්ඩාගාරයෙන් හෝ වෙනත් ආයතනයක් මඟින් ඇමතිවරයා වෙනුවෙන් මුදලක් වෙන්වේද?
    5. ඇමතිවරයා වෙනුවෙන් වරදාන වරප්‍රසාද සදහා කෙතරම් මුදලක් වෙන්වේද? සෟඛ්‍ය, විදුලි ,දුරකතන , ඉන්ධන වෙනත් දීමනා මොනවද? වෙන් වෙන්ව කෙතරම් මුදලක් වාර්ෂිකව ලබාදෙනේද?
    6. විදෙස් සංචාර, උත්සව වලට ලබාදෙන දීමනා සදහා කෙතරම් මුදලක් වාර්ෂිකව ලබා දෙන්නේද?
  7. මෙම ලබගන්න තොරතුරු වාර්ෂිකව යාවත්කාලින් කිරීමට වැඩපිළිවලක් යෙදීම.
  8. කාලයත් සමඟ භික්ෂූන්වහන්සේලාට ඇතිවන ගැටලු හදුනාගෙන පිලියම් සොයාගැනිමට, එම ගැටලු වලට විසදුම් පරිපාලනයට නිසි කල අතුලත් කිරීමට ක්‍රමයක් සැකසිම.
  9. නිසි කලමණාකරීත්වය යටතේ ඉහත සදහන් කල කටයුතු නිසි ආකාරයෙන් සිදුවේදයි සොයා බැලිමට ක්‍රමයක් සැකසිම .
  10. ඉහට තොරතුරු පහසුවෙන්, විනිවිදභාවයකින් යුක්තව භික්ෂූන්වහන්සේලා, මධ්‍යවේදීනට හෝ වෙනත් පර්ශවයකට ඉහත ලබාගන්නා තොරතුරු අවශ්‍ය වූවිට නිරවද්‍යතාවය පිලිබද වගකීමක් සහිතව කඩිනමින් ලබාදිමට පහසු ක්‍රමයක් සැකසීම.
  11. ලබාදෙන තොරතුරු වල නිරවද්‍යතාවය පිලිබද සතිකයක් තිබිය යුතුය. නිලදාරීන්ට වගකීමක් පැවරිම. මේ සදහා නෛතික රාමුවක් සැකසීම.
  12. නිලදාරීනට මෙලෙස තොරතුරු ලබාගත හැකිබව අදාල පර්ශවයන් දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සැකසීම.

මෙම ලබාගන්න හා නිසිකල යවත්කාලීන කරන නිවැරදි දත්ත හා තොරතුරු හරහා නිසි කලමණාකරීත්වයක් යටතේ කටයුතු කරයි නම් පිංකැට බිදීමට හෝ සංඝික දේපල සොරකම් කිරීමට රජයට හෝ වෙතත් පර්ශවයකට අවශ්‍ය වූවත් කළහැකි වේද?

ඉහත යාන්ත්‍රනය මඟින්,

  1. පන්සලේ හා භික්ෂූන්වහන්සේලාගේ කටයුතු හඳහා කෙතරම් මුදලක් වාර්ෂිකව අවශ්‍යවේද, එම මුදල සපයාගන්නේ කෙසේද, අවභාවිතව අවම කරගන්නේ කෙසේද, ප්‍රමුඛතාවය මත කටයුතු කරන්නේ කෙසේද ලෙස මුල්‍ය පරිපලන අවශ්‍යතා ඉතාමත්ම පහසුවෙන් කලමනාකරණය කරගත හැකිවේ.
  2. ඵලය ලෙස ලැබෙන විනිවිද භාවය නිසා නාස්තිය,අවභාවිතව හදුනාගැනීමටත් හා අවම කරගැනීමටත් හැකිවේ.
  3. ප්‍රමුඛතාවයේ පිළිවලට අවශ්‍යතාවය හඳුනාගෙන ඉතා කඩිනමින් ක්‍රියාකිරීමට හැකිවනු ඇත.
  4. යම් තැනක පවතින මුල්‍ය හෝ පරිපලන දෝෂයන් හදුනා ගැනීමටත් කඩිනමින් පිළියම් හදුනා ගැනීමටත් හැකිවේ.
  5. අනාගතයේ ඇතිවිය හැකි තත්වයන් පෙර පුරෝකතණය කරගත හැකිවේ.
  6. මිත්‍යා දෘෂ්ඨිකයන් මුල්‍ය කලමනාකරණය සම්බන්ධයෙන් ඇති කරන සැකයන් වලට විධිමත්ව පිළිතුරු සැපයිය හැකිවීම. ඔවූනට එවැනි මතයන් සමාජගත කිරීමට හැකිවීම. පන්සලේ හා භික්ෂූන්වහන්සේලාගේ නැති දොස් දැකීමෙන් කරගන්නට හදන බලවත් අකුසල කර්මයන්ගෙන් ගලවා ගැනීමට හැකිවීම.
  7. මුදල නිසා භික්ෂූන්වහන්සේලා නොමඟ යමෙන් වලක්වා ගත හැකිවීම. උන්වහන්සේලා නිසා ධර්මය විකෘති වීම වලක්වා ගත හැකිය.

පටු මුල්‍ය ලාබ ගැන සිතමින් මෙලෙස දිඟින් දිඟටම පන්සල තුලම අකටයුතුකම් සිදුවේ නම් ලංකාව තුල සාසනයේ චිරස්තිතියක් ගැන සිතීමටවත් නොහැකි බව වගකීමක් දරන භික්ෂූන්වහන්සේලා ලෙසත් ගිහියන් ලෙස අපත් මීට වඩා මේ කාරාණය පිළිබදව සිතිය යුතු කාලය පැමිණ තිබේ.

කතෘභාවයට හානිනොකර මෙම ලිපියට කරුනු එකතු කිරීමට, සංස්කරණය කිරීමට, වෙනත් භාෂාවකට පරිවර්ථනය කිරීමට හා ඔනෑම මධ්‍ය තුල පලකිරීමට පූර්ණ අවසරය මෙමඟින් හිමිවේ. එලෙස පලකරන ලිපි සම්බන්ධයෙන් මාගේ දැනුවත්භාවයකින් තොරව පලවන හේයින් මගේ වගකීමක් හෝ හිමිකමක් හෝ එම ලිපි සඳහා නොමැත.

asked 4 months,13 days ago

What is the codrate ?

codrate.com is a standard, fast cross browsing and highly versatile site. It is useful for many large number of Program Development Industries. So you can get support form Codrators , who are the codrate's joiners around world to help your program developments, You can answer other codrator's questions. Communicate with them. Share your knowledge with them. Do you have an interest in programming, So publish your articles about programming. It will help to maintain your professional co-profile. Actually codrate.com is not such as a regular web site. It will be gave new experience, best narrow cross-browser view, reduce processing time to receive browsing request, it's mean do not wasting your time to browsing codrate's web pages because it has been upgrade always modern coding ways. So, what do you waiting for ?. Try your own.

Copyright 2015 Pride - Company. Design by Esila